Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කින්නියා - මලියදේව විදුහල් සමපෝෂ පාපන්දු ශූරතා දිනති

කින්නියා - මලියදේව විදුහල් සමපෝෂ පාපන්දු ශූරතා දිනති

editorial - 2023 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර්  පාසල්  සීබීඑල්-සමපෝෂ වයස 14න් පහළ පාපන්දු (බාලක-බාලිකා) තරග මාලාවේ බාලක ශූරතාව කින්නියා මධ්‍ය මහා විදුහල විසින්ද බාලිකා ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විදුහල විසින්ද දිනා ගන්නා ලදී.  ඒ කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අවසන් මහ තරග ජය ගනිමිනි.

බාලක අවසන් මහ තරගය ගෝල 1-0 කට කින්නියා මැදි විදුහල ජය ගත්තේ මරදාන සහිරා විදුහල පරාජය කරමිනි. බාලිකා අවසන් මහ තරගයේදී කුරුණෑගල මලියදේව බාලිකාවන් හමුවේ විලයාය ජාතික පාසල ගෝල 1-0කට පරාජය වීමෙන් හය වැනි වතාවටත් බාලිකා ශූරතාව මලියදේව බාලිකාවන් සතු වූහ.

මෙම සමස්ත ලංකා පාසල් පාපන්දු තරග මාලාව සඳහා දිවයිනේ පාසල් කණ්ඩායම් 650ක් මූලික වටයේදී මධ්‍යස්ථාන 32කදී මුණගැසුණි. පුරා මාසයකට ආසන්න කාලයක් තරග මාලාව පැවැත්වුණි.

 පිට පළාත් දුෂ්කර අධ්‍යාපන කලාපවලට අයත් පාසල් ගණනාවක් මෙම තරගාවලිය ඉදිරියට පැමිණෙමින් දක්ෂතා දැක්වීම කැපීපෙණුනි. ඒ අතරින් විලයාය ජාතික පාසල බාලිකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය විය.

තරගමාලාවේ බාලක තෙවැනි ස්ථානය ගලගෙදර ජබ්බාර් ජාතික පාසල හිමිකර ගත්තේ කුරුණෑගල මාලියදේව ආදර්ශ මහ විදුහල පරාජය කිරීමෙනි.

යාපනය මහ විදුහල බාලිකා තෙවැනි ස්ථානය අත්කර ගත්තේ ගලිගමුව මධ්‍ය මහා විදුහල පරාජය කිරීමෙනි. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සිලෝන් බිස්කට් සමාගමේ සමපෝෂ සන්නාමය යටතේ තරග මාලාවට මෙවරත් අනුග්‍රහය දැක්වීය.

 


♦ සී.බී.එල්. සමපෝෂ - වයස 14න් පහළ පාපන්දු 2023 බාලක ශූරතාව දිනාගත් කින්නියා මැදි විදුහල් කණ්ඩායම.

 

♦ බාලිකා ශූරතාව දිනාගත් කුරුණෑගල මලියදේව බාලිකා  විදුහල් කණ්ඩායම


අදහස් (0)

කින්නියා - මලියදේව විදුහල් සමපෝෂ පාපන්දු ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.