Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරගාවලිය පුරා මෙතෙක් සහභාගී වූ තරගවලදී අවම කහ කාඞ්පත් ප්‍රමාණයක් ලබා සිටීම හේතුවෙන් ‘එච්’ කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ජපානය අද (28) සමත් විය. මෙවර අවසන් 16 දෙනාගේ වටයට තේරීපත් වූ එකම ආසියාතික රට වන්නේද ජපානයයි.
ජපානයට එරෙහිව අද පැවති තරගය ගෝල 1-0 ලෙස ජය ගැනීමට පෝලන්තය සමත් වුවද, මින් පෙර සහභාගී වූ මුල් තරග දෙකම පරාජයට පත්වීම නිසා තරගාවලිය ආරම්භයේදීම ලෝක කුසලානයට තිත තැබීමට පෝලන්තයට සිදුවිය.
ගෝල 2-1 කින් කොළොම්බියාව පරාජය කරමින් මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගත් ජපානය සෙනගලයට එරෙහි තරගය ගෝල 2-2 කින් සමකර ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට බලාපොරොත්තු තබාගත් අතර සෙනගලයට එරෙහි තරගය කොළොම්බියාව අද ජය ගැනීම නිසා ජපානයට අවසන් මොහොතේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා විය.
එහිදී සෙනගලය සහ ජපානය ලැබූ ජයග්‍රහණ, පරාජ, ලැබූ ගෝල සහ දුන් ගෝල යන සියලුම සාධක සමාන වීම නිසා මෙතෙක් සහභාගී වූ තරග වලදී ලබා තිබූ කහ කාඞ්පත් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් 16 දෙනාගෙ වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම තේරීමට සංවිධායකයන්ට සිදුවිය. එහිදී සෙනගලය කහ කාඞ්පත් 6 ක් ලබා සිටි අතර ජපානය ලබා සිටියේ කහ කාඞ්පත් 4ක් පමණි.
මෙවර තරගාවලිය සඳහා ආසියාව නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් තරගාවලිය නියෝජනය කිරීමට අවස්තාව උදාකර ගත්තද, ජපානය හැර සෙසු රටවල් 4 ටම වේලාසනින්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ‘ඒ ’ කාන්ඩයෙන් තරග වැදි සෞදි අරාබියට සහභාගී වූ තරග ත්‍රිත්වයෙන්ම ජයගතහැකි වූයේ එක් තරගයක් පමණි. . ‘බී ’ කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ ඉරානයටද පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඔවුන්ටද සහභාගී වූ තරග 3 න් ජයගතහැකි වූයේ එක් තරගයක් පමණි. පෘතුගාලයට එරෙහි තරගය ගෝල 1-1 කින් සමකර ගනු ලැබුවද, ස්පාඤ්ඤය සමගින් පැවති තරගය ගෝල 1-0 කින් පරාජය විය. ඒ අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමිවිය. ආසියාව නියෝජනය කරමින් ක්‍රීඩාකළ ඕස්ටේ්රලියාවද මෙවර පළමු වටයෙන්ම ඉවත් වූ අතර කොරියාවද පළමු වටයෙන්ම ඉවත් විය.
පළමු වටයේ සියලු තරග අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර 16 දෙනාගේ වටයේ තරග මේ මස 30 වැනිදා සිට නැවතත් පැවැත්වීමට නියමිතය.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.