Last Update  :  2025-05-05 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඕස්ට්‍රේලියාවට ගෝල 2-1 ක ජයක්

ඕස්ට්‍රේලියාවට ගෝල 2-1 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් දින 5 කින් ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන රටවල් අතර පැවැති පෙරහුරු තරගයකදී ඕස්ට්‍රේලියාවට විසින් ගෝල 2-1 කින් හංගේරියාව පරාජය කරන ලදී.

තරගයේ පළමු ගෝලය 74 වැනි මිනිත්තුවේදී වාර්තා වු අතර එය ඕස්ට්‍රේලියාවේ ඩැනියෙල් ඇරසානි ඊට හිමිකම් කීවේය. 19 වැනි වියේ පසුවන ඇරසානි මෙවර ඕස්ට්‍රේලියා සංචිතයේ සිටින ලාබාලතම ක්‍රීඩකයාද වේ. තීරණාත්මක අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ හංගේරියාවේ ටේ‍රන්ට් සයින්ස්බරි ගෝලයක් ලබා තරගය සම කරමින් තරගයට අවතීර්ණ විය. නමුත් ලබාදුන් අමතර කාලය තුළදී ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියාටේ මාස් කඩාර් ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් පහසුවෙන්ම තරගය ජය ගත්තේය.

ඕස්ට්‍රේලියාව මෙවර ‘සී ’ කාණ්ඩයෙන් තරග වදිද්දී, හංගේරියාවට මෙවර සුදුසුකම් ලැබීමේ වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. ප්‍රංශයට එරෙහිව ජුනි 16 වැනිදා පැවැත්වෙන තරගයෙන් මීට අවතීර්ණ වන ඕස්ට්‍රේලියාව ජුනි 21 වැනිදා ඩෙන්මාර්කයට එරෙහිව තරග වැදීමට නියමිතය. ‘සී ’ කාණඩයේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව සහ පේරු රාජ්‍යය අතර ජුනි 26 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියා සංචිතය : බ්‍රැඞ් ජෝන්ස්, මැට් රයන්, ඩැනි වුකෝවික්, අසීස් බෙහිච්, මිලෝස් ඩෙගිනෙක්, මැතිව් ජර්මන්, ජේම්ස් මෙරෙඩිත්, ජෝෂ් රිස්ඩන්, ටේ‍රන්ට් සයින්ස්බරි, ජැක්සන් අර්වින්, මිල් ජෙඩිනැක්, රොබී ක්රූස්, මැස්සිමෝ ලුඔන්ගෝ, මාක් මිලිගන්, ඇරෝන් මූයි, ටොම් රොජික්, ඩැනියෙල් ඇර්සානි, ටිම් කැහිල්, ටොමි ජරික්, මැතිව් ලෙකී, ඇන්ඩෲ නැබෝට්, දිමිට්‍රි පෙට්‍රැටෝස්, ජැමී මැක්ලරන්

- 024

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ගෝල 2-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.