Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football උතුරු පිලේ පළමු පියවර සාර්ථකයි
අන්තර් පළාත් නිදහස් කුසලාන

උතුරු පිලේ පළමු පියවර සාර්ථකයි

editorial - 2022 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ යාපනයේ සිට)
යාපනය දොරේඅප්පා පිටියේදී පැවැති අවසන් පූර්ව දෙවැනි තරගය ජය ගත් උතුරු කණ්ඩායම අන්තර් පළාත් නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට ප්‍රවේශවීමේ පළමු පියවර සාර්ථක කර කර ගත්තේය. ඒ සෙනසුරාදා (26) පැවැති එම තරගයේදී නැගෙනහිර කණ්ඩායම ගෝල 1-0කට පරාජය කරමිනි.

දොරේඅප්පා පිටියේදී පෙරේදා පැවැති මෙම තරගය නැරඹීම සඳහා 5000කට ආසන්න පිරිසක් රැස්ව සිටියහ.
තගරයේ අවසන් භාගය දක්වා දෙපිල වෙතින් කරට කර සටනක් ප්‍රදර්ශනය වූ එහිදී 71 වැනි විනාඩියේදී යොවුන් මැද පෙළ ක්‍රීඩක කේ. දෙනුෂාන් පන්දුව තමා විසින්ම  ඉදිරියට රැගෙන යමින් ලබාගත් ගෝලය ඔවුන්ගේ තරගාවලියේ අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීම සඳහාත් ඉවහල් විය.

තරග හතරකින් සමන්විත අවසන් පූර්ව වටයේ මෙතෙක් තරග ප්‍රතිඵලවලට අනුව උතුරු කණ්ඩායම හා සබරගමු  කණ්ඩායම ලබන මාර්තු 05 වැනිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා වඩාත් පහසු ප්‍රවේශයකට අවතීර්ණ වී තිබුණි.

තරගාවලියේ ඉතිරි අවසන් පූර්ව තරග දෙක පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 1 හා 2 යන දිනවලදීය. එහිදී උතුර කණ්ඩායම විසින් නැගෙනහිර කණ්ඩායමට එරෙහිව මාර්තු 1 වැනිදා මඩකලපුව චෙබර් පිටියේදීත් සබරගමුව කණ්ඩායම විසින් දකුණු කණ්ඩායම රත්නපුරය සීවලී පිටියේදීත් යළිත් මුණගැසේ.

මෙම තරග දෙක අවසන් මහ තරගයට ප්‍රවේසම් වීමේ තීරණාත්මක අවස්ථාවන් ලෙස සැලකිය හැකිය. කෙසේ වුවත් පළමු තරග දෙකේදී ජයග්‍රාහණ වාර්තා කළ සබරගමුව හා උතුරු යන කණ්ඩායම් දෙක මෙම තරග දෙකක් ජය ගැනීමට සමත් වන්නේ නම් ඔවුන් දෙපිලම අවසන් මහ තරගයට පිවිසීමට වෙනත් කිසිදු බාධාවක් නොවන්නේය. එහෙත් පළමු අවසන් පූර්ව තරග දෙකේ පරාජිතයන් මෙම තරග දෙක ජය ගැනීමට සමත් වුවහොත්  එය අවසන් මහ තරගයට ප්‍රවේශවීම සඳහා සිව් කණ්ඩායම් අතර ඇතිවන තියුණු තරගයක් බවට තවදුරටත් පත් වනු ඇත.

කෙසේ වුවත් අවසන් පූර්ව තරග මාලාව සිව් කණ්ඩායම් අතර සම වන්නේ නම් පමණක් එහිදී ප්‍රතිවාදීන්ට එරෙහිව වැඩිම ගෝල ගණනක් ලැබීමේ වාසි පදනම් කරගර ගනිමින් අවසන් මහ තරගයට දෙපිල තෝරා ගැනේ. එයද සම වන්නේ නම් ප්‍රතිවාදීන් හමුවේ අවම ගෝල ගණනක් වාර්තා කර තිබීමේ පදනම සැලකිල්ලට ගනිමින් ඒ සඳහා කණ්ඩායම් දෙක නිර්දේශ කෙරේ.

මාර්තු 2 වැනිදා දකුණට මුණගැසෙන සබරගමුව කණ්ඩායම මෙම තරගාවලියේ මේ දක්වා කල් ගෙවන ප්‍රබලතම කණ්ඩායම ලෙස හැඳින්විය හැකිය. මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වයටය ඉදිරිපත් වීමට ඔවුන් සමත් වූහ.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන මාර්තු 5 වැනිදා පැවැත්වීමේදී ඒ සඳහා ක්‍රීඩංගණයක් මෙතෙක් නිර්දේශවී නොමැත. එය තීරණය වන්නේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා දෙපිල අනුවය.

ඒ අනුව දෙවැනි අවසන් පූර්ව තරගය ජයගෙන උතුරු කණ්ඩායම අවසන් මහ තරගයට නිර්දේශ වන්නේ නම් එය පැවැත්වීමේ වැඩිම ඉඩක් පවතින්නේ පෙරේදා අවසන් පූර්ව තරගය පැවැති මෙම යාපනය දොරේඅප්පා පිටියේදීමයි. තරගාවලියේ මෙතෙක් පැවැති තරගයක් නැරඹීමට වැඩිම පිරිසක් පැමිණ සිටියේද දොරේඅප්පා පිටියටයි.


අදහස් (0)

උතුරු පිලේ පළමු පියවර සාර්ථකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.