Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football උතුර – දකුණ යාපනයේදී ගැටෙති
නිදහස් කුසලාන

උතුර – දකුණ යාපනයේදී ගැටෙති

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රත්නපුරය සීවලී පිටියේ දී අද (2) පැවැති අන්තර් පළාත් ‘‘නිදහස් කුසලාන’’ පාපන්දු තරගාවලියේ සිව් වැනි අවසන් පූර්ව තරගයේ දී දකුණු පිල විසින් සබරගමුව පිල දඬුවම් පහර 4-1කට පරාජය කරමින් සෙනසුරාදා (5) යාපනය දුරෙඅප්පා පිටියේ දී පස්වරු 3.30ට පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට නිර්දේශ ලැබීය.

මෙහි අනෙක් පසින් අවසන් මහ තරගයට ප්‍රවේශ වී සිටින්නේ උතුරු පළාත් කණ්ඩායමයි. අද රත්නපුරයේ දී දෙපිල මුණගැසීමේ දී තරගය ගෝල 2-1කට ජය ගනිමින් අවසන් කිරීමට දකුණු පළාත් ක්‍රීඩකයෝ සමත් වූහ. එසේ වුවත් තරග නීති රීති අනුව දෙපිල මුණගැසුණු පළමු අවසන් පූර්ව තරගය සබරගමුව ගෝල 1-0කට ජයගෙන තිබීමෙන් අවසන් පූර්ව වටයේ දී දෙපිලම සම තත්ත්වයට පත්ව තිබුණි.

ඒ අනුව අවසන් තරගයට ජයග්‍රාහකයා තීරණය කර ගැනීම සඳහා දඬුවම් පහර ප්‍රදානය කෙරුණි. එහිදී මෙතෙක් තරගාවලිය පුරා අපරාජිතව පසුවූ සබරගමුව කණ්ඩායම දඬුවම් පහර 4-1කට පරාජය කිරීමට දකුණු ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමු භාගය දකුණු කණ්ඩායම ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් පසුවීමට ද සමත් විය. අවසන් මහ තරගයේ අනෙක් පසින් නිර්දේශ ලබාගත් උතුරු කණ්ඩායම අඟහරුවාදා (1) මඩකළපුවේ දී පැවැති අවසන් පූර්ව තරගයකදී නැගෙනහිර පිලට එරෙහිව පැවැති තරගය ජය පරාජයෙන් තොරව (0-0) අවසන් කිරීමෙන් තරග නීති රීති අනුව අවසන් මහ තරගයට වරම් ලැබීය.

එහිදී දෙපිල යාපනයේදී මුණගැසුණු පළමු අවසන් පූර්ව තරගයෙන් ගෝල 1-0කට ජය ගැනීමේ වාසියෙන් උතුරු ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට නිර්දේශ ලැබූහ.


අදහස් (0)

උතුර – දකුණ යාපනයේදී ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.