Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හමීඞ් අල් හුසේන් විදුහලේ 80 කණ්ඩායම සංවිධානය කළ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හමීඞ් අල් හුසේන් විදුහල සමත්විය. අවසන් මහා තරගයේදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහල ගෝල 3-0 ක් ලෙස පරාජය කරමින් ඔවුහු ශූරතාවට හිමිකම් කීහ.
තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයාට සහ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ කී‍්‍රඩකයාට හිමි සම්මාන 2 ම තමන් සතුකරගැනීමට හමීඞ් අල් හුසේන් විදුහලේ මොහොමඞ් රහමන් සමත්විය. තරගාවලියේදී ඔහු රැස්කළ ගෝල සංඛ්‍යාව 7 කි.
තරගාවලිය පුරා කිසිදු ප‍්‍රතිවාදී කණ්ඩායමකට තමන්ට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට ඉඩ නොදුන් හමීඞ් අල් හුසේන් විදුහලේ කඩුලූ රකින කී‍්‍රඩක මොහොමඞ් දිනේෂ්, දක්ෂතම දැළ රකින්නා ලෙස සම්මාන ලැබීය.
පේ‍්‍රක්ෂකයන්ගේ ඡුන්ද 591 ක් ලබාගත් කොළඹ හින්දු විදුහලේ මතන් රාජ්, තරගාවලියේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
අවසන් පූර්ව වටයේ තරග වලදී කොළඹ හින්දු විදුහල ගෝල 4-0 ක් ලෙස පරාජය කරමින් කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ දඩුවම් පහර මගින් ගෝල 3-1 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමිනි.
තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් කොළඹ හින්දු විදුහල පරදවා ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.