Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ලබන ඉරිදා (22) රාති‍්‍ර 7.00 ට ඇරඹෙන ‘එෆ්.ඒ. කුසලාන’ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය විනිශ්චය කිරීම සඳහා කටාර් ජාතික පාපන්දු විනිසුරුවරයෙකු වන අබ්දූර් රහමන් අල් ජසීම් මහතා කැඳවා තිබේ.
ශ්‍රී ලංකාවේ ඒෆ.ඒ. කුසලාන තරග ඉතිහාසයේ අවසන් මහ තරගයක් සඳහා විදේශීය විනිසුරුවරයෙකු සහභාගි කර ගන්නා පළමු අවස්ථාව මෙයයි.
යුද හමුදා කණ්ඩායම හා බ්ලූස්ටාර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන එෆ්.ඒ. කුසලාන අවසන් මහා තරගය වඩාත් උත්සවශි‍්‍රයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.
අවසන් මහා තරගය නිමාවට පත් වීමෙන් පසු ජයග‍්‍රහි කණ්ඩායමට කුසලාන ප‍්‍රදානය මල් වෙඩි සංදර්ශනයක් මධ්‍යයේ සිදු කෙරේ.
තරගාවලිය නැරඹීම සඳහා විදේශීය පාපන්දු කී‍්‍රඩකයන් හා ජාත්‍යන්තර පාපන්දු ක්ෂේත‍්‍රයේ නිලධාරීන් පිරිසකටද ඇරයුම් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.