Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ජේ්‍යෂ්ඨ අන්තර් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා (25 දා) රත්නපුර සීවලී ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. එදින පස්වරු 3.00 ට ආරම්භ වන මෙම තරගය සඳහා රත්නපුර පාපන්දු ලීගය සහ (කොළඹ) සිටි පාපන්දු ලීගය සුදුසුකම් ලබා සිටිති.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැවැති මෙම තරගාවලිය සඳහා පාපන්දු ලීග 55 ක කණ්ඩායම් සහභාගි වූ අතර එහිදී රත්නපුර ලීගය විසින් අවසන් මහා තරගයට පැමිණීම සඳහා බදුල්ල ලීගය දඬුවම් පහර 6-4 ක් ලෙසින්ද හැටන් පාපන්දු ලීගය ගෝල 8-0 ක් ලෙසින්ද සිවිල් ආරක්ෂක පාපන්දු ලීගය ගෝල 2-1 ක් ලෙසින්ද පරාජය කරමින් අවසන් පුර්ව තරගයට සඳහා සුදුසුකම් ලැබීය. අවසන් පුර්ව තරගයේදී රත්නපුර ලීගය විසින් පොලිස් පාපන්දු ලීගය 1-0 ක් ලෙස පරාජය කරමින් ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සහභාගි වීමේ අවස්ථාව දිනා ගත්තේය.
සිටි පාපන්දු ලීගය මුලික වටයේදී බියගම පාපන්දු ලීගය 2-0 කින්ද යුද හමුදා පාපන්දු ලීගය ගෝල 3-1 කින්ද ත‍්‍රිකුණාමලය පාපන්දු ලීගය 2-0 කින්ද ජී.එස්.එස්.ඒ. කණ්ඩායම ගෝල 1-0 කින්ද පරාජය කරමින් අවසන් පූර්ව වටයට පැමිණියේ. අවසන් පූර්ව තරගයේදී නාවික හමුදා කණ්ඩායම ගෝල 1-0 කින් පරාජය කිරීමට සිටි ලීග් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
තරගාලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට කුසලාන සමග මුදලින් රුපියල් 2,50,000 ක්ද අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට කුසලාන සමග මුදලින් රුපියල් 1,50,000 ක්ද සහ අවසන් තරගයට සහභාගි වන කණ්ඩායම් දෙකටම පදක්කම් පැළදවීමටද පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත.
රත්නපුර පාපන්දු ලීග කණ්ඩායම
සිටි පාපන්දු ලීග කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.