Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football 2026 ලෝක කුසලාන සහභාගිත්වයත් අනතුරේ

2026 ලෝක කුසලාන සහභාගිත්වයත් අනතුරේ

editorial - 2023 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවට පනවා තිබෙන අන්තර්ජාතික පාපන්දු තරග තහනම ඉවත් කරවා ගැනීමට ශ්‍රී ලංකාවෙන් කෙරෙන බව කියන ඉහළ දේශපාලන මැදිහත්වීම් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කරවා ගැනීමට මෙරට රජයේ ඉහළම දේශපාලන අංශයකට අයත් බලධාරියකු අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා සම්බන්ධ වී තිබේ.

කෙසේ වුවත් මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පාර්ශව සමග සාකච්ඡා කිරීම පිටුදකින අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තමන් ලබාදුන් මාර්ගෝපදේශ මාලාවට අනුව කටයුතු කිරීම ඇරඹීමෙන් ප්‍රශ්නයට විසඳුම් ලබාගත හැකි බව ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයට පෙර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලනය පවත්වා ගෙන ගිය ජස්වර් උමාර් මහතාගේ සභාපතීත්වයෙන් කටයුතු කළ විධායක සභාවට දැනුම් දී තිබේ.

ඊට හේතු වී ඇත්තේ එදින පැවැති නිලවරණයෙන් පාපන්දු ආයතනයට තේරී පත් වූ විධායක සභාව අන්තර්ජාතික සමුළුව ප්‍රතික්ෂේප කර තිබෙන බැවිනි.

ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයට මැදිහත්වීම් කිරීමට සිදුවූ හේතු ඇතුළත් දීර්ඝව කරුණු දැක්වූ ලිපියක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට යොමු කර තිබේ.

කෙසේ වුවත් ඊට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඒ වෙනුවට එම ලිපි අවධානය සඳහා ශ්‍රී ලංකාවේ නිල පාපන්දු පරිපාලන ඒකකයේ ප්‍රධානියා ලෙස එම සම්මේලනය තවදුරටත් සලකන ජස්වර් උමාර් මහතාට හා ලේකම් උපාලි හේවගේ යන මහත්වරුන්ට යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමට අන්තර් ජාතික සම්මේලනය ලබාදී තිබෙන උපදෙස් මාලාවට අනුව මෙරට පාපන්දු ආයතනයේ විධායක සභාවක නිලකාලයත් අවම සිව් වසරක් කිරීමේ වගන්තියට මේවන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ මනාපය පළවී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තහනම ඉතා ඉක්මනින් ඉවත් කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට 2026 ජුනි මාසයේ සිට පැවැත්වෙන 23 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටය සඳහා සහභාගිවීමේ අවස්ථාවද මේ වන විට අවදානමට ලක්ව තිබේ.

කැනඩාව, මෙක්සිකෝව හා එක්සත් ජනපදය යන රටවල් තුනක සත්කාරකයන් පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන තරගාවලියේ (අවසන් වටය) විශේෂත්වය වන්නේ පළමු වතාවට කණ්ඩායම් 32 සිට 48ක් දක්වා ඉහළ දැමීමයි. මහාද්වීප කලාප මූලික වටයේ තරග සැලසුම් ලබන ජූලි 19 වැනිදා වන විට එළිදැක්වීමට එහිදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සූදානම්ව සිටියි.


අදහස් (0)

2026 ලෝක කුසලාන සහභාගිත්වයත් අනතුරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.