Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football 16 ට ආවත් ප්‍රංශය නොසතුටෙන්
කටාර් - 2022

16 ට ආවත් ප්‍රංශය නොසතුටෙන්

editorial - 2022 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටියුනීසියාවට ගෝල 1-0 ක අනපේක්ෂිත පරාජයක් ලද ප්‍රංශය දෙරට අතර පැවති කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී තමන් අවසන් මොහොතේ වාර්තා කළ ගෝලය විනිසුරු විසින් ප්‍රතික්ෂේප කිරීම ගැන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කෙසේ වුවත් ප්‍රංශයට ‘ඩී’ කාණ්ඩයේ වැඩිම ප්‍රසාද ලකුණුලාභින් ලෙස 16 දෙනාගේ වටයට පිවිසීමට එයින් හානියක් නොවූ නමුදු ටියුනීසියාවට පෙරේදා (30) පරාජයවීම හිටපු ලෝක ශූරයන්ද වන ප්‍රංශය ලැබූ මහත් අවමානයක් විය.

ටියුනීසියාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 30 වැනි ස්ථානයේ පසුවන අතර, ඔවුන්ට පෙරේදා පරාජය වූ ප්‍රංශය ඒ වන විට එම ශ්‍රේණිගත කිරීම්හි පසුවූයේ තෙවැනි ස්ථානයේ ය.

ප්‍රංශය උත්සාහ ගත්තේ අවසන් මොහොතේ ප්‍රතිවාදීන්ගේ දැල තුළට යොමු කළ පන්දුව ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමෙන් තරගය සම කිරීමය. එය මෙම අනපේක්ෂිත පරාජයේ අවමානයෙන් ගැලවීමට අනගි අවස්ථාවක් විය.

එසේ වුවත් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට අනුව එය ඕෆ් සයිඩ් (නීති විරෝධී) ගෝලයක් බවට සටහන් කිරීමත් සමග ප්‍රංශ ක්‍රීඩකයෝ උරණව හැසිරෙන්නට වූහ. අවසානයේ තරග නිමාවෙන් පසුව ප්‍රංශ පුහුණුකරු ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳව  විරෝධය අභියාචනා කමිටුවට යොමු කරන බවයි.

මේ අතර ඊයේ වන විට ආසියාවේ රටවල් අතරින් ජපානය හැරෙන්නට සෙසු රටවල් 16 දෙනාගේ වටයට පිවිසීමට අපොහොසත් වී තිබුණි. ආසියානු පාපන්දු සමුළු සාමාජිකත්වය හොබවන ඕස්ට්‍රේලියාව පෙරේදා පැවති තරගයක දී ඩෙන්මාර්කය ගෝල 1-0 කට පරාජය කරමින් ‘ඩී’ කාණ්ඩයේ දෙවැනි තැන ලබා 16 දෙනාගේ වටයට ඒ අතර ප්‍රවේශ විය.

ඊයේ මධ්‍යම රාත්‍රියේදී (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවැත්වීමට නියමිතව තිබූ ඊ කාණ්ඩයේ තරගය ජයගත්තේ නම් ජපානය ඒ නිසැකවම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමක් විය.

ඊයේ වන විට 16 දෙනාගේ වටයට නිර්දේශ වී සිටි කණ්ඩායම් අනුව හෙට (3) නෙදර්ලන්තය හා එක්සත් ජනපදය අතරත්, ආජන්ටිනාව හා ඕස්ට්‍රේලියාව අතරත්, අනිද්දා (4) ප්‍රංශය හා පෝලන්තය අතරත් එංගලන්තය හා සෙනගාලය අතරත් පරාජිතයන් පිටුදැකීමේ තරග හතරක් පැවැත්වීමට නියමිතව ඇත.

 

ඊයේ (1) පැවති තරග කීපයක ප්‍රතිඵල

• ආජන්ටිනාව විසින් පෝලන්තය (‘සී’ කාණ්ඩය) පරාජය කරන ලදී. (2-0)
• මෙක්සිකෝව විසින් සෞදි අරාබිය (‘සී’ කාණ්ඩය) පරාජය කරන ලදී. (2-1)

 

අද (2) පැවැත්වෙන තරග (ශ්‍රී ලංකා වේලාවෙන්)

• ජපානය – ස්පාඤ්ඤය අතර (ඊ කාණ්ඩය) මධ්‍යම රාත්‍රී 12.30ට
• කොස්ටාරිකා - ජර්මනිය අතර (ඊ කාණ්ඩය) මධ්‍යම රාත්‍රී 12.30ට
• දකුණු කොරියාව – පෘතුගාලය අතර රාත්‍රී 8.30ට
• ඝානාව සහ උරුගුවේ අතර රාත්‍රී 8.30ට

- 223


අදහස් (0)

16 ට ආවත් ප්‍රංශය නොසතුටෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.