Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ‘හමීඩ් අල් හුසේනි’ පාපන්දු තරග පෙබ. 01 - 16 දා දක්වා

‘හමීඩ් අල් හුසේනි’ පාපන්දු තරග පෙබ. 01 - 16 දා දක්වා

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘හමීඩ් අල් හුසේනි’ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ 7 වැනි අදියර පෙබරවාරි මස 1 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

‘සෝහෝ හවුස්’ සමාගමේ අනුග‍්‍රහයෙන් හමීඞ් අල් හුසේනි විදුහලේ 80 වැනි කණ්ඩායම සංවිධානය කරන තරගාවලිය සඳහා මේ වන විට අරාධිත පාසල් 20 ක් තම සහභාගීත්වයන් තහවුරු කර තිබේ.

කොළඹ ආනන්ද විදුහල, මීගමුව අල් හිලාල් මැදි විදුහල, කොළඹ හෙන්රි  ඕල්කට් මහ විදුහල, මල්වාන අල් මුබාරක් මැදි විදුහල, කොළඹ ඞී. එස්. සේනානායක, කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල, කොළඹ හින්දු විදුහල, කඳාන ද මැසනද් විදුහල, කළුතර සිරිකුරුස විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ලූම්බිණි විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, කොළඹ රාජකීය විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කොළඹ ටී. බී. ජයා මහ විදුහල, කොළඹ වෙස්ලි විදුහල, මරදාන සහිරා විදුහල, මාවනැල්ල සහිරා විදුහල යන පාසල් ඒ අතර වෙති.

තරගාවලියේ ශූරතාව, අනුශූරතාව සහ තෙවන ස්ථානය දිනාගන්නා කණ්ඩායම් වලට ශූරතා කුසලාන සමගින් පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට නියමිත අතර තරගාවලියේ හොඳම දැල රකින්නාට, වැඩිම ගෝල ප‍්‍රමාණයක් වාර්ථා කරන කී‍්‍රඩකයාට, වටිනාම කී‍්‍රඩකයාට සහ ජනප‍්‍රියම කී‍්‍රඩකයාටද කුසලාන පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී.

www.g80hahc.com යන වෙබ් අඩවිය ඔස්සේ කී‍්‍රයාත්මක වන තරගයෙන් තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයා ලෙස ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන කී‍්‍රඩකයාට, මැලේසියාවට යාමට සහ ආපසු පැමිණීමට ගුවන් ප‍්‍රවේශ පත‍්‍රයක් පිරිනැමීමට නිව් සිටි එන්ටප‍්‍රයිසස් ආයතනය අනුග‍්‍රහය දක්වා තිබේ. එම තරගයද පෙබරවාරි මස 1 වැනිදා සිට විවෘව පවතී.

තරගාවලියට සමගාමීව ප‍්‍රවීණ කී‍්‍රඩකයින්ගේ පාපන්දු තරගාවලියක්ද පැවැත්වීමට සංවිධාන කමිටුව තීරණය කර ඇති අතර කොළඹ, ජාවා ලේන්, මාලිගාවත්ත, කොම්පඤ්ඤ වීදිය, ආදි කරේ, ආදි බෙන්ස්, සුපර් ස්ටාර්ස්, සනි මවුන්ට්, පි‍්‍රන්ස් සහ අලූත්කඬේ යන ප‍්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම් ඊට සහභාගීවීමට නියමිතය.

සොහෝ හවුස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක රහුමාන් ඊබ‍්‍රහීම් මහතා (වමේ) තරගාවලියේ අනුග‍්‍රාහක චෙක්පත, හමීඞ් අල් හුසේනි විදුහලේ 80 වැනි කණ්ඩායමේ සභාපති අබ්දුල් කරීම් මහතාට (මැද) සහ එම විදුහලේ විදුහල්පති එන්. ටී. නසුමුදීන් මහතාට (දකුණේ) පිරිනැමූ අයුරු.....

සොහෝ හවුස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක රහුමාන් ඊබ‍්‍රහීම් මහතා (වමේ) තරගාවලියේ නිල ටී-ෂර්ටයක්, හමීඞ් අල් හුසේනි විදුහලේ 80 වැනි කණ්ඩායමේ සභාපති අබ්දුල් කරීම් මහතාට (මැද) සහ එම විදුහලේ විදුහල්පති එන්. ටී. නසුමුදීන් මහතාට (දකුණේ) පිරිනැමූ අයුරු.....

නිව් සිටි එන්ටප‍්‍රයිසස් ආයතනයේ සම්බන්ධිකාරක තුවාන් ඩිල්ෂාන් මහතා තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයාට හිමි ගුවන් ප‍්‍රවේශපත‍්‍රය, හමීඞ් අල් හුසේනි විදුහලේ 80 වැනි කණ්ඩායමේ සභාපති අබ්දුල් කරීම් මහතාට (මැද) සහ එම විදුහලේ විදුහල්පති එන්. ටී. නසුමුදීන් මහතාට (දකුණේ) පිරිනැමූ අයුරු.....

ඡයාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

‘හමීඩ් අල් හුසේනි’ පාපන්දු තරග පෙබ. 01 - 16 දා දක්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.