Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාව ප්‍රබල ප්‍රතිවාදියෙකුට සමවෙයි

ශ්‍රී ලංකාව ප්‍රබල ප්‍රතිවාදියෙකුට සමවෙයි

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(නාමල්  පතිරගේ)

ශ්‍රී ලංකාව හා පැපුවා නිව්ගිණියාව අතර අද (22) රාත්‍රියේදී නිමාවට පත්වු  අන්තර් ජාතික සම්මේලන ශ්‍රී  ලංකා  කලාපීය  සිව්කොන් පාපන්දු  තරගය  නිලකුණු තත්ත්වයක්  මැද ජයපරාජයෙන්  තොරව  අවසන්  විය.

එහිදී  ශ්‍රී ලංකාවට  තියුණු  ගෝල අවස්ථා කීපයක්ම  දැල ආසන්නයේදීම මග ඇරීයාම කැපී පෙණුනි.මෙම තරගය  පැවැත්වෙන විට ශ්‍රී ලංකාව ලෝක  පාපන්දු  ශ්‍රේණිගත කිරීම් අනුව  204 තරම්  ඉතා පහළ මට්ටක පසු උනත් පැපුවා නිව්ගිණියාව පසු වුයේ 165 වැනි ස්ටානයේය.

එම තත්ත්වය සැළ්කීමේදී ශ්‍රී  ලංකා කන්ඩායමේ දස්කම්  අගය  කළ යුතු මට්ටමක විය. තරග හතරකට පමණක්  සීමා වන  මෙම නවක තරගාවලියේ ශ්‍රී  ලංකාව  මුහුණ දෙන දෙවැනි තරගය  සඳුදා (25) රාත්‍රි 8.30 ට රීඩ්  මාවත  ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ඒ  භූතානය සමගය. මෙම තරගය ජය ගැනිම ශ්‍රී  ලංකාවට මහත් ගෞරවයක්  වනු ඇත්තේ  2013 න් පසුව ශ්‍රී ලංකාව  ඔවුන්  පරාජයට  පත් කිරිමට අසමත්ව සිටින  බැවිනි.

ශ්‍රී  ලංකා  ජාතික  පාපන්දු  කන්ඩායම අන්තර්ජාතික  තරගයකට සහභාගි වුයේ වසර 2023 ඔක්තෝබර්  17 වැනිදායින් පසුවය. එහිදී  ශ්‍රී  ලංකාව  යේමනයට  එරෙහිව  ලෝක කුසලන (2026) සුදුසුකම්  තරගය ගෝල 1-1 කට සම කළේය.

සඳුදා දින තරගාවලිය නිමාවට පත් කිරීමට පෙර පස්වරු  3.30 ට පැපුවා නිව්ගිණියාව හා අප්‍රිකානු  ජනරජය අතර තවත් තරගයක් පැවැත්වේ. මෙම තරගාවලිය හුදෙක් සහභාගි වන කන්ඩායම්  ප්‍රවර්ධනය  කිරීම  සදහා  ප්‍රසාද ලකුණු  පමණක්  ප්‍රදානය  කරන තරගාවලියකි.


අදහස් (0)

ශ්‍රී ලංකාව ප්‍රබල ප්‍රතිවාදියෙකුට සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.