Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා පාපන්දු පිල සෞදි අරාබියට

ශ්‍රී ලංකා පාපන්දු පිල සෞදි අරාබියට

editorial - 2021 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කලින් සූදානම් වූ පරිදි කටාර් රාජ්‍යයේදී නේවාසිකව පුහුණුවීම් කිරීම් අවස්ථාව ප්‍රමාදවන හෙයින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් සඳහා සෞදි අරාබිය තෝරා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව නේවාසික පුහුණුවීම් සඳහා ක්‍රීඩකයන් 27 දෙනෙකු ඇතුළුව එහි පුහුණුකරැවන් හා සහාය කාර්ය මණ්ඩල නිලධාරින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ඊයේ (19) සෞදි අරාබියේ රියාද් නුවර බලා පිටත්ව ගියේය.

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය වෙනුවන් සෞදියේදී නේවාසිකව පුහුණුවීම් කරන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මෙම 27 වැනිදා වන විට මාලදිවයිනේ මාලේ නුවර බලා ළඟාවීමට නියමිතය.

“කටාර් රාජ්‍යයේදී නේවාසිකව පුහුණුවීම් කිරීමට කළ ඉල්ලීමට එරට සෞඛ්‍ය ප්‍රධානීන්ගේ අනුමැතිය ලැබීමේ යම් ප්‍රමාදයක් සිදුවුණා. ඒ ගැන කල්පනා කරලා අපි සෞදි පාපන්දු ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමට අවසර ලැබුණා“

“කොහොම වුණත් කටාර් රාජ්‍යයෙන් අපට ඒ සඳහා ලැබෙන සහයෝගය අඩුවෙලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා මෙයින් පසුව පැවැත්වෙන ආසියානු ශූරතා වයස 23 න් පහළ කලාප තරග තුනකට සහභාගී වන වයස 23 න් පහළ ශ්‍රී ලංකා සංචිතයේ නේවාසික පුහුණුවීම් සඳහා කටාරය වෙත යන්න“ යයි ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

13 වැනි දකුණු ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය මාලේ නුවරදී පැවැත්වෙන්නේ ලබන ඔක්තෝබර් 1 වැනිදා සිටය. එම තරගාවලියේ පළමු තරගය බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වේ. ඔක්තෝබර් 16 වැනිදා මෙම තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, මාලදිවයින හා බංග්ලාදේශය යන රටවල් පහකට පමණක් මෙවර තරගාවලිය සීමාවීම නිසා එය මුළුමනින්ම ලීග් ක්‍රමයට පැවැත්වීමට තීරණයවී තිබේ. ඒ අනුව ඔක්තෝබර් 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්නේ ලීග් තරගාවලියකට පසුව වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙකයි.

පසුගිය දකුණු ආසියානු තරගාවලියේ (2018) ශූරතාව දිනා ඇත්තේද මාලදිවයින විසිනි. සුජාන් පෙරේරා මෙවර දකුණු ආසියානු ශූරතා තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙයි.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු පිල සෞදි අරාබියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.