Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වැටුපෙන් අඩකට කැමති මෙසී යළිත් බාර්සිලෝනා පිලට

වැටුපෙන් අඩකට කැමති මෙසී යළිත් බාර්සිලෝනා පිලට

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ සුපිරිතම ඉදිරිපෙළ ක්‍රීඩකයා වන, ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක, ලයනල් මෙසී  2026 දක්වා බාර්සිලෝනා කණ්ඩායමේ රැඳී සිටිමට තීරණය කර තිබේ. මෙහි විශේෂත්වය වනුයේ ලොව වැඩිම වැටුපක් ලබාගන්නා පාපන්දු ක්‍රීඩකයා වන මෙසී, ඔහු මීට පෙර ලබාගත් වැටුපෙන් අඩක් සඳහා බාර්සිලෝනා කණ්ඩායමට සේවය කිරිමට කැමැත්ත පළ කිරිමයි.

මෙසී මෙම ගිවිසුමට කැමැත්ත පළකර ඇත්තේ දකුණු ඇමරිකානු (කෝපා ඇමරිකා) පාපන්දු තරගාවලියේදී ආර්ජන්ටිනා කණ්ඩායම ශුරතාව කරා කැඳවාගෙන යාමෙන් සහ තරගාවලියේ වීරයා බවට පත්වීමෙන් පසුවය.

මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන ලයනල් මෙසී සහ බාර්සිලෝනා කණ්ඩායම අතර තිබූ ගිවිසුම පසුගිය ජූනි 30 වැනිදා නිමාවට පත්විය. පැරණි ගිවිසුම අනුව, වසර 4 ක කාලයක් සඳහා, එක තරගාවලියක් වෙනුවෙන් මෙසීට ගෙවන ලද වැටුප බ්‍රිතාන්‍ය පවුම් මිලියන 123 ක් (රුපියල් බිලියන 33) ක් හිමිවිය. කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් බාසිලෝනා ක්‍රීඩා සමාජයට ලැබෙන ආදායම් අඩු වීමෙන් මෙසීට ගෙවනු ලබන වැටුප අඩකට සීමා කර තිබේ.

වසර 2017 නොවැම්බර් මාසයේ සිට 2021 ජූනි මාසය දක්වා බාර්සිලෝනා ක්‍රීඩා සමාජයෙන් මෙසීට ගෙවන ලද මුදල යුරෝ මිලියන 555 කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 130.425 ක් හෙවත් කෝටි 13,042 කි.

ඔහු දකුණු ඇමෙරිකානු පාපන්දු ශුරතාවලිය (කෝපා ඇමෙරිකාව) ජයග්‍රහණය කිරිමෙන් පසු නිවාඩුවක් ගත කරමින් සිටී. කෙසේ වෙතත් මෙම කොන්ත්‍රාත්තුවේ සියුම් තොරතුරු තවමත් අවසන් කර නොමැත. කොන්ත්‍රාත්තුවෙන් ඉවත්වීමේ වගන්තියක්ද ඇති අතර, අවශ්‍ය වුවහොත්, මෙසීට වසර දෙකකට පසු ක්‍රිඩා සමාජයෙන් ඉවත් වීමට ඉඩ ලැබෙනු ඇත.
බාර්සිලෝනා ක්‍රීඩා සමාජය කොවිඩ්-19 වසංගතයේ බලපෑමට හසුව තිබෙන නමුත් බාර්සිලෝවා සභාපති ජෝන් ලැපොර්ටා මහතාගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ මෙසී තවදුරටත් ක්‍රීඩා සමාජයේ රඳවා ගැනීමයි.

දකුණු ඇමෙරිකානු පාපන්දු ශුරතාවලියෙන් පසුව, මෙසීගේ ආත්ම විශ්වාස වර්ධනය වී තිබෙන අතර කලින් සිතුවාට වඩා වැඩි කාලයක් බාර්සිලෝනා සමාජයේ රැඳී සිටිම ගැන සිතීමට පටන් ගෙන තිබේ. ඉන්පසුව ඔහු වසර පහක ගනුදෙනුව බාරගෙන ඇත.

කෝපා ඇමෙරිකා තරගාවලියෙන් මෙසීගේ ආර්ජන්ටිනා කණ්ඩායම ජය ගැනීමෙන් පසුව මෙසීගේ වටිනාකම වැඩි වුවද බාසිලෝනාව අතහැර නොයාමට තීරණය කළේ ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් සහ මැන්චෙස්ටර් සිටි වැනි ධනවත් ක්‍රීඩා සමාජ සමගද සම්බන්ධතා තබාගනිමිනි.

බාර්සිලෝනා පිලේ අද්වීතීය ක්‍රීඩකයා වන ලයනල් මෙසී සිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලබාගත් ගෝල සංඛ්‍යාව 672 කි. ලා ලීගා ශූරතා 10 ක් බාර්සිලෝනා පිලට දිනා දී ඇති මෙසී, ශූරයන්ගේ කුසලාන 4 ක් ද, වසර 100 කට වැඩි ඉතිහාසයක් හිමි ස්පාඤ්ඤයේ ජාතික පාපන්දු ශූරතා 7 ක් ද බාර්සිලෝනා පිල වෙත ගෙනැවිත් තිබේ. වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමිවන ‘බැලන් ඩි‘ඕර්' සම්මානය හය වතාවක් දිනාගත් එකම ක්‍රීඩකයා වන්නේද මෙසීය.

- 535

 


අදහස් (0)

වැටුපෙන් අඩකට කැමති මෙසී යළිත් බාර්සිලෝනා පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.