Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වාරණය අත්හිටුවයි

වාරණය අත්හිටුවයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඇතුළුව එහි නිලධාරී මණ්ඩලයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණය ඊයේ (2) සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවා තිබේ.

ඒ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අංශය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොළඹ දිසා අධිකරණය පනවා තිබූ මෙම වාරණය අත්හිටුවීමත් සමග ඉදිරි පාපන්දු සංවර්ධන කටයුතු සඳහා මුදල් වියදම් කිරීමට පාපන්දු සම්මේලනයට බාධාවකින් තොරව අවස්ථාව ලැබෙන බවයි.

ඒ අනුව බ‍්‍රසීලයේ සාවෝපාවුලෝ නුවරදී පැවැත්වෙන ලෝක පාපන්දු සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීමට, ආසියානු පාපන්දු සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමට හා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු, එහි ලේකම් උපාලි හේවගේ, භාණ්ඩාගාරික මොහොමඞ් පවුසි යන මහත්වරුන්ට බාධාවකින් තොරව සහභාගී වීමේ අවස්ථාව හිමි වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන ගාමිණී රන්දෙණි මහතා විසින් පසුගිය මැයි 21 වැනිදා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුවක් ඊයේ නැවැත කැඳවූ අවස්ථාවේදී එම නඩුවට අදාළව පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරී මණ්ඩලයට එරෙහිව පනවා තිබූ එම වාරණ නියෝ්ගය අත්හිටුවීමට කොළඹ දිසා අධිකරණය පියවර ගෙන තිබේ.

 


අදහස් (0)

වාරණය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.