Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වසරේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා මෙසී
පාපන්දු

වසරේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා මෙසී

editorial - 2021 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයාට හිමිවන බැලන් ඩි’ ඕර් සම්මානය හත්වැනි වරටත්  ආර්ජන්ටිනියානු පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසීට ප‍්‍රදානය කෙරිණ. මෙම වසරේදී (2021) ඔහු එම සම්මානයට හිමිකම් කීවේ පෝලන්තයේ රොබට් ලෙවන්ඩොස්කි සහ ඉතාලියේ ජෝර්ජීනියෝ පරාජය කරමිනි.

මින් පෙර 2009, 2010, 2011, 2012, 2015 සහ 2019 යන වසරවලදීද මෙසී බැලන් ඩි’ ඕර් සම්මානයට හිමිකම් කියා ඇත.

මෙම වසරේදී දකුණු ඇමරිකානු පාපන්දු ශූරතාව ආර්ජන්ටිනාවට දිනා දීමට ඔහු සමත් වූයේ තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවටද පත්වෙමිනි. සිය කී‍්‍රඩා දිවිය තුළ ඔහු දිනාගත් පළමු දකුණු ඇමරිකානු පාපන්දු ශූරතාවද එය විය.

”නැවතත් මේ සම්මානය දිනාගැනීමට හැකි වීම මට අදහගන්න බැරි තරම්. මීට වසර 2 කට කලින් මම හිතුවෙ ඒ තමයි අවසන් අවස්ථාව කියලා”

”දකුණු ඇමරිකානු ශූරතාව දිනාගැනීම තමයි මේ වසරේදි මම ලැබූ ලොකම ජයග‍්‍රහණය. එය මරකානා කී‍්‍රඩාංගණයේදී දිනාගැනීමට ලැබීම තවත් විශේෂයි. එහි සිටි ආර්ජන්ටිනා කී‍්‍රඩා ලෝලීන් සමග මම ජයග‍්‍රහණය හිතේ හැටියට සැමරුවා.” යැයි විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයන් ඇගයෙන සම්මාන රාත‍්‍රියේදී මෙසී පැවසීය.

”මෙය මගේ ජීවිතයේ හොඳම වසරද කියන්න මම දන්නෙ නැහැ. මොකද මම හුඟක් දිගු වෘත්තීය ජීවිතයක් ගත කරපු කෙනෙක්. නමුත් දුෂ්කර කාල පරිච්ෙඡ්ද සහ විවේචන වලින් පසුව ආර්ජන්ටිනාවට ශූරතාවක් දිනා දෙමින් ගත කරපු සුවිශේෂී වසරක්.”යැයිද මෙසී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ස්පාඤ්ඤයේ ලා ලීග් පාපන්දු තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන මෙසී, මෙම වසරේදී බාර්සිලෝනා කී‍්‍රඩා සමාජයෙන් ඉවත්ව ප‍්‍රංශයේ පැරිස් ශාන්ත ජර්මේන් කී‍්‍රඩා සමාජය සමග ගිවිසුම්ගත විය. වසරේ දක්ෂතම පාපන්දු කී‍්‍රඩකයා බවට පත්වීමේදී මෙසී ලකුණු 613 ක් හිමිකර ගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානයට පත්වූ බයර්න් මියුනිච් කී‍්‍රඩා සමාජයේ ලෙවන්ඩොස්කි හිමිකරගෙන ඇත්තේ ලකුණු 580 ක් පමණි.

දක්ෂතම පාපන්දු කී‍්‍රඩකයා තේරීමේ තෙවැනි ස්ථානයට පත්ව ඇති එංගලන්තයේ චෙල්සි කී‍්‍රඩා සමාජයේ ජොර්ජීනියෝ ලකුණු 460 ක් හිමිකර ගෙන ඇත.

ප‍්‍රංශයේ කරීම් බෙන්සාමා සහ න්ගොලෝ කන්ටේ පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැුදී සිටිති. වසරේ පාපන්දු කී‍්‍රඩා සමාජය ලෙස චෙල්සි කී‍්‍රඩා සමාජය සම්මාන හිමිකරගත් අතර ඉතාලියේ ගියාන්ලූයිගි ඩොනරූමා වසරේ දක්ෂතම දැල රකින්නා ලෙස සම්මන ලැබීය.


ඡායාරූප - රොයිටර් / ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි

-036

 


අදහස් (0)

වසරේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා මෙසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.