Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මීගමුව පාපන්දු සැණකෙළිය 22-23-24 තෙදින

මීගමුව පාපන්දු සැණකෙළිය 22-23-24 තෙදින

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව මහා පාපන්දු සැණකෙළිය මේ මස 22, 23 සහ 24 යන දින වලදී මීගමුව ශාන්ත මරියා විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම පාපන්දු සැණකෙළිය කාණ්ඩ 3 කින් සමන්විත වන අතර ඊට 22 වැනිදා පැවැත්වෙන විවෘත තරගාවලියක්ද, 23 වැනිදා පැවැත්වෙන වයස අවුරුදු 40 ට වැඩි තරගාවලියක්ද, 24 වැනිදා පැවැත්වෙන කණ්ඩායමකට කී‍්‍රඩකයන් 5 දෙනා බැගින් වන රාතී‍්‍ර තරගාවලියක්ද ඇතුළත්වේ.

විවෘත තරගාවලිය සඳහා කණ්ඩායම් 25 ක්ද, වයස අවුරුදු 40 ට වැඩි තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක්ද, රාතී‍්‍ර තරගාවලිය සඳහා කණ්ඩායම් 15 ක්ද සහභාගීවීමට නියමිතය.

විවෘත තරගාවලියේ සහ වයස අවුරුදු 40 ට වැඩි තරගාවලියේ ශූරතා සඳහා මුදලින් රුපියල් 50,000 ක මුදලක් පිරිනැමෙන අතර අනුශූරතා සඳහා පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 25,000 කි.

කණ්ඩායමකට කී‍්‍රඩකයන් 5 දෙනා බැගින් වන රාතී‍්‍ර තරගාවලියේ ශූරතාව සඳහා මුදලින් රුපියල් 25,000 ක්ද, එහි අනුශූරතාව සඳහා මුදලින් රුපියල් 15,000 ක්ද පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

මෙම තරගාවලි තුනේදී කී‍්‍රඩකයන් දක්වන දක්ෂතා වලට අනුව තොරාගන්නා තරගාවලියේ වීරයාට සහ දක්ෂතම දැල රකින්නාට මුදලින් රුපියල් 5,000 බැගින් පිරිනැමීමටද නියමිතය.

මීගමුව අභිමානය ධීවර හා වෙළෙඳ ප‍්‍රජා සංවර්ධන සමූපකාර සමිතිය, රේන්ජර්ස් කී‍්‍රඩා සමාජය සමග එක්ව දෙවැනි වරටත් මෙම පාපන්දු සැණකෙළිය සංවිධානය කරන අතර ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය නිමල් ලාන්සා, හිටපු පළාත් සභා මන්තී‍්‍ර පෝල් පෙරේරා යන මහත්වරු ඇතුළු මීගමුව ව්‍යාපාරික ප‍්‍රජාව මේ සඳහා අනුග‍්‍රහය සපයති.


- 036

 


අදහස් (0)

මීගමුව පාපන්දු සැණකෙළිය 22-23-24 තෙදින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.