Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 40 ට වැඩි ප‍්‍රවීණයන් සඳහා පැවැත්වෙන එක්සලන්ට් අභියෝග ශූරතා පාපන්දු තරගාවලිය පෙබරවාරි මස 23 වැනිදා පෙරවරු 8.00 සිට පැලවත්ත ජී. එච්. බුද්ධදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
බත්තරමුල්ල කී‍්‍රඩා සමාජය සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා දිවයිනේ ඕනෑම කී‍්‍රඩා සමාජයකට සහභාගීවිය හැකිය.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩබ්. ලයනල් අල්විස් අනුස්මරණ කුසලාන සමගින් මුදලින් රුපියල් 50,000 ක් පිරිනැමෙන අතර අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට අචල දිවාකර කුසලාන සමගින් මුදලින් රුපියල් 25,000 ක් පිරිනැමීමට නියමිතය.
තෙවැනි ස්ථානය සඳහා අමර්ඞීන් අනුස්මරණ කුසලාන සමගින් රුපියල් 15,000 ක මුදලක් සහ සිව්වැනි ස්ථානය සඳහා රුපියල් 10,000 ක මුදලක් පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.
අයදුම්පත් භාරගැනීම 2014.02.05 වෙනිදායින් අවසන් වන අතර තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය කී‍්‍රඩා සමාජ වලට 0727-687301 (ශාන්ත), 0774-532467 (අජන්ත), 0771-898044 (ජනිත්), 0772-295559 (නෞෂාඞ්) යන දුරකථන අංක ඇමතීමෙන් අයදුම්පත් ලබාගත හැක.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.