Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු සභාපතිවරු තිදෙනෙකු ඇතුළු විධායක සභිකයන් හය දෙනෙකු ලබන සෙනසුරාදා (22) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම (2014-15) නීතිවිරෝධි බවට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
පැමිණිල්ල කළ විධායක සභිකයන් හය දෙනා අතර පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරීන් දෙදෙනෙක් ද සිටිති.
ගාල්ල පාපන්දු ලීගයේ සභාපති තිළිණ පණ්ඩිතරත්න, කොළඹ පාපන්දු ලීගයේ සභාපති හර්ලි සිල්වේරා, අම්පාර පාපන්දු ලීගයේ සභාපති, නියෝජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරු මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට යොමු කළ ලිපියට අස්සන් තබා තිබෙන පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරු වෙති.
පාපන්දු සම්මේලනයේ වත්මන් උපසභාපති වෛද්‍ය මනිල් ප‍්‍රනාන්දු හා එහි නියෝජ්‍ය ලේකම් (තාක්‍ෂණික) රෝහිත ප‍්‍රනාන්දු යන මහත්වරු ද මෙම ලිපියට අස්සන් තබා තිබේ.
පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම නීති විරෝධි යයි අස්සන් කළ සෙසු විධායක සභිකයා වන්නේ සේපාල පෙරේරා මහතාය.
වෛද්‍ය මනිල් ප‍්‍රනාන්දු හා රෝහිත ප‍්‍රනාන්දු යන මහත්වරු මේ වන විට කළුතර පාපන්දු ලීගයේ හා වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපති ධුර ද හොබවති.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට යොමු කළ මෙම ලිපියෙන් දන්වා ඇත්තේ ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත මහ සභා රැස්වීම කරුණු කීපයක් හේතුවෙන් නීතිවිරෝධි වන බවය.
ඒ අතර ලිපියෙන් ප‍්‍රධාන වශයෙන් අවධාරණය කර ඇත්තේ පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිවරයා පසුගිය කාලයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව දිගින් දිගටම කටයුතු කිරීම තුළ ලබන සෙනසුරාදා කැඳවන මහ සභා රැස්වීමේ වලංගුභාවය පිළිබඳ ප‍්‍රශ්නකාරී තත්ත්වයක් මතු වී තිබෙන බවත් ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.