Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football දොන් බොස්කෝ පිලට 2-1 ක ජයක්

දොන් බොස්කෝ පිලට 2-1 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (1 වැනිදා) පැවැති තරගයකදී දොන් බොස්කෝ පිල විසින් ගෝල 2-1 කින් ජාවා ලේන් පිල පරාජය කරන ලදි.

තරගයේ පළමු විනාඩි 5 තුළදී දෙපිලම ගෝල ලබාගත් අතර ශී‍්‍ර ලංකා පාපන්දු පිල නියෝජනය කරන එම්. රිස්කාන් ජාවා ලේන් පිල වෙනුවෙන් පළමු ගෝලය ලබාගත්තේය.

විනාඩි කිහිපයකින් අනතුරුව ඉන්දික සිල්වා දොන් බොස්කෝ පිල වෙනුවෙන් ගෝලයක් ලබාගත් හෙයින් තරගය සම වීම නිසා දෙපිලම තරමක් ආරක්‍ෂාකාරී තරග රටාවක නිරත වූහ.

එහෙත් තරගයේ පළමු අර්ධය නිමා වීමට විනාඩි කිහිපයක් තිබියදී කැමරූන් කී‍්‍රඩක ජෝර්ජ් ඩැනියෙල් ලබාගත් ගෝලයත් සමගින් දොන් බොස්කෝ පිල ඉදිරියට පැමිණියේය.

දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙක වෙතින්ම කිසිදු උද්යෝගයක් දක්නට නොලැබුණද දොන් බොස්කෝ පිලට ප‍්‍රසාද ලකුණු 3 ක් ලබාගැනීමේ අවස්ථාව හිමිවිය.

 


අදහස් (0)

දොන් බොස්කෝ පිලට 2-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.