Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football තුටු පඬුරු වෙනුවට ක‍්‍රීඩා උපකරණ

තුටු පඬුරු වෙනුවට ක‍්‍රීඩා උපකරණ

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ටයි, කෝට්, කුඩ, ඔරලෝසු නිලධාරින්ට තුටු පඬුරු ලෙස දුන් මෙතෙක් පැවති ක‍්‍රමය අවසන් කිරීමට තමා පියවර ගත් බවත් ඒ වෙනුවට මින්පසු ක‍්‍රීඩා සමාජවලට පාපන්දු ක‍්‍රීඩා උපකරණ ලබා දෙන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පාපන්දු නිවසේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

එහිදී රුපියල් කෝටි 20ක් වන වසර 2014 ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සංවර්ධන සැලැස්ම මාධ්‍ය හමුවේදී ඔහු එළි දක්වා සිටියේය.
එහිදී රුද්‍රිගු මහතා පවසා සිටියේ මින් ඉදිරියට කිසිදු නිලධාරියෙකුට පාපන්දු ලීගයක හෝ ක‍්‍රීඩා සමාජ දෙකක එකවර තනතුරු දැරීම තහනම් කරන බවයි.

එසේ තනතුරු කීපයක් එකවර දැරීම මගින් නිලධාරින් බොහෝ දෙනකුගෙන් වැඩ අතපසු වන බැවින් ඉදිරියේ දී පාපන්දු පරිපාලනය තෝරා ගන්නා නිලධාරින්ටත් විධායක සභාවක තනතුරකට පමණක් සීමා විය යුතු බව ද ඔහු පැවසීය.

රංජිත් රුද්‍රිගු මහතා මෙසේ ද පැවසීය.

අපේ 2014 සංවර්ධන සැලැස්ම ක‍්‍රියාත්මක කරන්න මුදල් ප‍්‍රශ්නයක් නෑ. ඒ සඳහා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය වගේම ආසියානු පාපන්දු සමුළුවත් අපට ඉහළින් ආධාර කරන්න සහතිකවී තිබෙනවා.

මම එක සතයක්වත් අපතේ යවන්නෙ නෑ. මෙතෙක් කලක් ජාතික ඔලිම්පික් කමිටුව පාපන්දු සම්මේලනයට ආධාර පිණිස වෙන් කර තිබූ රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් මෙතෙක් අරන් තිබ්බේ නෑ. දැන් අපි ඒකත් ගන්න තීරණය කළා. ඒ රුපියල් ලක්‍ෂ දෙකත් අපේ දුප්පත් පාපන්දු ක‍්‍රීඩකයන්ට යොදවන්න පුළුවන් බවයි මා විශ්වාස කරන්නෙ. පාපන්දු කණ්ඩායමකට ඇතුළත් කර ගන්නා විදේශීය ක‍්‍රීඩකයන් ගණන උපරිම එක් අයෙකුට සීමා කරන්නත් අප තීරණයක් ගන්නවා.


අදහස් (1)

තුටු පඬුරු වෙනුවට ක‍්‍රීඩා උපකරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.