Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කොත්මලේ චොක්ස්’ කුසලන සඳහා පැවැත්වෙන වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ තරගයකදී ආනන්ද විදුහලට එරෙහිව ගෝල 4-0 ක ජයක් ලැබීමට කොළඹ ජාත්‍යන්තර පාසල සමත් විය.
තරගයේ පළමු භාගය නිමා වන විට ගෝල 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටි කොළඹ ජාත්‍යන්තර පාසල, දෙවැනි භාගයේදී තවත් ගෝල 2 ක් රැස්කරමින් පහසුවෙන්ම තරගය ජයගත්තේය. ඩෙවින් කැබේ, ශෝ කබූතා සහ ජුන් සූ කවුන් යන කී‍්‍රඩකයෝ කොළඹ ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ගෝල ලබාගත්හ.
කොළඹ ජාත්‍යන්තර පාසලට තරගාවලියේ අවසන් 8 දෙනා අතරට පැමිණීමට නම් ඉදිරියේදී පැවැත්වෙන තරග වලදී කඳාන ද මැසිනොද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කළ යුතුය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.