Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොස්ටාරිකානුවෝ උරුගුවේ පිල තලා දමති

කොස්ටාරිකානුවෝ උරුගුවේ පිල තලා දමති

ශනුක අරවින්ද - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී ගෝල දෙකක් ලබාගත් කොස්ටාරිකා කණ්ඩායම විසින් බසීලයේ ෆොර්ටලේසා නගරයේදී ඊයේ (14 වැනිදා) පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයකදී උරුගුවේ කණ්ඩායම ගෝල 3-1 ක් ලෙසින් පරාජය කරන ලදි. එය කොස්ටාරිකානුවන් මෙවර ලෝක කුලාසන තරගාවලිය්දී මුහුණ දුන් පළමු තරගයද විය.

දඬුවම් පහරක් සාර්ථක කරගත් එඩින්සන් කැවෙනි උරුගුවේ පිල මුලින්ම තරගයේ ඉදිරියට ගෙන ආ නමුත් විනාඩි කිහිපයක පරතරයක් ඇතිව ජොයෙල් කැම්බල් සහ ඔස්කා දුරාතේ ලබාගත් ගෝල 2 හේතුවෙන් කොස්ටාරිකානුවෝ ඉදිරියට පැමිණියහ. තරගය අවසන් වීමට විනාඩි කිහිපයක් තිබියදී මාකෝ උරේනා ලබාගත් ගෝල නිසා උරුගුවේ පිලට සටනක් දීමට තිබූ අවස්ථාත් අහිමි වී ගියේය.

කොස්ටාරිකානු කී‍්‍රඩකයකු උරුගුවේ නායක ඩියාගෝ ලූගානෝ බිම දැමීම හේතුවෙන් ලැබුණු දඩුවම් පහර යාර 12 ක පමණ සීමාවේ සිටි සාර්ථක කරගැනීමට කැවෙනි සමත් විය. විවේක කාලය අතේ දුරින් තිබියදී ඔස්කා දුරාතේ ගැසු පහරන් දැළ තුළට යා නොදී වළක්වා ගැනීමට කෙයිලර් නවාස් සමත් විය.

දෙවැනි අර්ධයේදී කැම්බල්ගේ වම් පා පහරින් නික්ම ගිය පන්දුව දැළ තුළට වැදී දෙපිලම සම තත්ත්වයට ගෙනාවේය. විනාඩි 3 කට පසුව එවැනිම උත්සාහයක් ගත් ඔස්කා දුරතේ තවත් ගෝලයක් ලබාගත් හෙයින් ලකුණු තත්ත්වය 2-1 ක් ලෙස කොස්ටාරිකානුවෝ ඉදිරියට පැමිණියහ.

කොස්ටාරිකානුවන්ට කරදර කිරීමට ඉතිරිව තිබූ විනාඩි 5 කාලය උරුගුවේ පිලට ප‍්‍රමාණවත් නොවූ හෙයින් කැම්බල්ගෙන් පන්දුව ලබාගත් උරේනා තවත් ගෝලයක් ලබාගත්තේය.

 


අදහස් (0)

කොස්ටාරිකානුවෝ උරුගුවේ පිල තලා දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.