Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කී‍්‍රඩා ඇමති පාර්ශ්වකරුවන් කැඳවයි

කී‍්‍රඩා ඇමති පාර්ශ්වකරුවන් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංවර්ධන කටයුතු සඳහා කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පවරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡවක් හෙට (30 වැනිදා) පස්වරු 1.00 ට කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රීඞ් මාවත කී‍්‍රඩා අමාත්‍යාශයේදී පැවැත්වේ.

හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණය පවරා ගැනීමට එරෙහිව විරෝධතා ගොනු කර තිබෙන හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින්ටද ඒ සඳහා ආරාධනා කර තිබේ.

මෙම අවස්ථාවට කොළඹ පුරපති එම්. ජේ. එම්. මුසම්මිල්, නියෝජ්‍ය පුරපති ටයිටස් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ බලධාරීන්ද කී‍්‍රඩාංගණය අසල පාසල් කිහිපයක විදුහල්පතිවරුන් හා කී‍්‍රඩා සමාජ නියෝජිතයින් පිරිසක් ද කැඳවනු ලැබ සිටිති.

හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණය සුරැකීමේ සංවිධානයේ උප සභාපතිවරයකු මෙන්ම කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ති‍්‍රවරයකුද වන එල්. ආර්. මහතා පැවසුවේ කී‍්‍රඩාංගණය නගර සභා පාලනයෙන් ඉවත් කිරීමෙන් කොළඹ නගරයේ බදු ගෙවන ජනතාවට අසාධාරණයක් සිදු වන බැවින් ඒ පිළිබඳව කොළඹ නියෝජ්‍ය පුරපතිවරයා ඇතුළු කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ති‍්‍රවරුන් දැනුම්වත් කිරීමට සිය සංවිධානය පසුගිය දිනවල කටයුතු කළ බවය.

 


අදහස් (0)

කී‍්‍රඩා ඇමති පාර්ශ්වකරුවන් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.