Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඉතාලිය එංගලන්තය පරදවයි

ඉතාලිය එංගලන්තය පරදවයි

ශනුක අරවින්ද - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඉතාලිය අතර බ‍්‍රසීලයේ මනාවුස් හිදී ඊයේ (14 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී එංගලන්තය පරදවා ගෝල 2-1 ක තියුණු ජයක් ලබාගැනීමට ඉතාලිය සමත් විය. ඉතාලි කණ්ඩායමේ ක්ලෝඩියෝ මාර්චිසියෝ සහ මාරියෝ බැලෙටෙලි ජයග‍්‍රාහී ගෝල දෙක ලබාගත්හ.

ජුවෙන්ට් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ක්ලෝඩියෝ මාර්චිසියෝ ලකුණු ලබාගැනීම ආරම්භ කිරීිමෙන් මඳ වේලාවකට පසුව එංගලන්තයේ ඩැනියෙල් ස්ටුරිජ් ලකුණු සම කිරීමේ ගෝලය ලබාගත්තේය. එහෙත් විවේක කාලයෙන් පසු තරගය ආරම්භ වී මඳ වේලාවකින්ම ඉතාලි පිල දෙවැනි ගෝලයත් ලබාගනිමින් තරගයේ පෙරමුණට පැමිණියේය.

පිටියේ කොණක සිට ලැබුණු පන්දුව මනා ලෙස හසුරුවාගත් ඉතාලි කී‍්‍රඩක ඇන්ඩි‍්‍රයා පිර්ලෝ එය මාරිචිසියෝ වෙත යොමු කිරීමත් දැළ තුළට වැදීමත් අතර ගතවූයේ තත්පර කිහිපයක් පමණි.

විනාඩි 3 කට පසු එංගලන්ත පිල වෙනුවෙන් තරගය සම කිරීමට වේන් රූනි සහ ස්ටුරිජ් එක්ව කටයුතු කළ පසුවද රූනි, ස්ටර්ලින් සහ ස්ටුරිජ් එංගලන්තය වෙනුවෙන් දැඩි හිත් ඇතිව කී‍්‍රඩා කළහ. එහෙත් මනාවුස් නගරයේ පවතින දැඩි සූර්යතාපය හමුවේ ධෛර්යවන්තව තරග කළ ඉතාලි ජයග‍්‍රහණයට තවත් අවශ්‍ය වූයේ එක ගෝලයක් පමණි. මාරියෝ බැලටෙලි එය ලබාගැනීමට ඉදිරිපත් විය.

 


අදහස් (0)

ඉතාලිය එංගලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.