Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ හෝල්සිම් එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය යාපනය ”දොරේ අප්පා” පිටියේදී පැවැත්වීමට ගත් උත්සාහය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හැර දමා තිබේ. ඒ වෙනුවට අවසන් මහ තරගය ලබන පෙබරවාරි 22 වැනිදා රීඞ් මාවතේ නවීකරණය කළ පැරණි තුරග පිටියේදී පැවැත්වීමට පාපන්දු සම්මේලනය කටයුතු යොදාගෙන යයි.
මෙම තරගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර සිටීමටද පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගය යාපනයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව ”ලංකාදීප”ය කළ විමසුමකදී පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පැවසුවේ වඩාත් සංවිධානාත්මකව අවසන් මහ තරගය පැවැත්වීමට මෙම තීරණයට පැමිණි බවය.
කෙසේ වුවත් එෆ්.ඒ. කුසලාන ශූරයන් බවට පත්වන කණ්ඩායම හා පසුගියදා නිමාවූ ශූරයන්ගේ කුසලාන තරගාවලිය ජයගත් ගුවන් හමුදා කණ්ඩායම අතර ශූරයන්ගේ ශූරයා තෝරා ගන්නා විශේෂ පාපන්දු තරගයක් ඉදිරියේදී යාපනයේදී පැවැත්වෙන බව රංජිත් රුදිගු මහතා වැඩිදුරටත් පැවැසීය.
මේ අතර තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ ඉතිරි තරග හයක් ලබන පෙබරවාරි 1-2 යන දිනවල, කොළඹ, කළුතර හා ගම්පහ යන නගරවලදී පැවැත්වේ.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකක් ජයගත් මීගමුව දොන් බොස්කෝ හා මාතර යන කණ්ඩායම් දැනටමත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.
පාපන්දු සම්මේලනය දැනට සැලසුම් කර තිබෙන පරිදි පෙබරවාරි 8-9 යන දිනවලදී අර්ධ අවසන් පූර්ව වටයේ තරගත් පෙබරවාරි 15-16 අවසන් පූර්ව වටයේ තරගත් පැවැත්වීමට නියමිතය.
රත්නපුර, මාතර, නාවලපිටිය හා අනුරාධපුරය යන නගරවලදී එම තරග පැවැත්වේ. මේ අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ගමනාගමන මණ්ඩල කණ්ඩායම කැපී පෙනේ.
තරගාවලියේ මූලික වටයේ සිට ඉදිරියට පැමිණි කණ්ඩායමක් වන ගමනා ගමන මණ්ඩල කණ්ඩායම එෆ්.ඒ. කුසලාන තරගාවලියේ ආරම්භක යුගයේ දස්කම් දැක්වූ කණ්ඩායමකි.
පෙබරවාරි 1-2 යන දිනවලදී පෙර අර්ධ අවසන් පූර්ව වටය පැවැත්වෙන ආකාරය.
තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.