Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ප්‍රංශය ප්‍රබලයන් විවේක ගන්වයි
රග්බි ලෝක කුසලාන - 2023

ප්‍රංශය ප්‍රබලයන් විවේක ගන්වයි

editorial - 2023 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

පළමු තරගයේදීම නවසීලන්තය පරාජය කරමින් ලෝකයාගේ අවධානය දිනාගැනීමට ප්‍රංශය සමත් වූවත්, මීළඟට පැවැත්වෙන තරගයේදී උරුගුවේ පිල පරාජය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට ප්‍රංශය සූදානම් වෙමින් සිටී. එහෙත් ඒ ප්‍රංශ පිලේ සිටින ප්‍රබලතම ක්‍රීඩකයන් විවේක ගන්වමිනි. ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය ඉතාමත් අසීරු කාණ්ඩය වන බැවින් මෙම කාණ්ඩයේදී පෙරමුණ ගැනීමත්, පෙරමුණ රැකගැනීමත් සියලු දෙනාගේම අපේක්‍ෂාව වී තිබේ.

‘ඒ’ කාණ්ඩයේ සිටින නවසීලන්තය, ඉතිහාසයේ පළමු වතාවට මූලික වටයේ තරගයක් පරාජය වූ අතර ඉතාලිය උත්සාහක දිනුම් 7 ක් සමගින් තරගය ජයගැනීම නිසා අතිරේක ප්‍රසාද ලකුණ හිමිකරගෙන සිටී. පිළිමළුන් පිටුදැකීමේ වටයට යන්නේ කණ්ඩායම් 5 කින් දෙකක් පමණි.

ප්‍රංශය සහ උරුගුවේ තරගය, ප්‍රංශයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පැවැත්වෙන තරගයක් වුවත්, එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සිකුරාදා (15 වැනිදා) අලුයම 12.30 ට ආරම්භ වෙයි. තරගය පැවැත්වෙන ලිලී නුවර පිහිටි පියරේ මවුරි ක්‍රීඩාංගණය ප්‍රේක්‍ෂකයන් 50,000 කට පහසුකම් සපයයි.

වසර 63 කට පසුව, ප්‍රංශ ක්‍රීඩකයන් උරුගුවේ පිල හමුවන පළමු වතාව මෙයයි. 1960 දී ප්‍රංශ රග්බි කණ්ඩායම ආර්ජන්ටිනාවේ සහ උරුගුවේ සංචාරය කළ අවස්ථාවේදී අවසන් වතාවට ඔව්හු හමුවූහ.

අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රංශය 3 වැනි ස්ථානයේත් උරුගුවේ පිල 17 වැනි ස්ථානයේත් සිටින නමුත් ප්‍රංශ කණ්ඩායමට අවවාද කිහිපයක්ම ලැබී තිබේ. 2019 ලෝක කුසලාන තරගාවලියේදී උරුගුවේ ක්‍රීඩකයන් විසින් ෆිජි පිල පරාජය කරනු ලැබීම ඊට හේතුවයි.

උරුගුවේ ක්‍රීඩකයන් ප්‍රංශයේ ක්‍රීඩා සමාජ වෙනුවෙන් තරග කරන බැවින් ප්‍රංශ කාරයෝ තමන්ගේ ප්‍රතිවාදීන් ගැන හොඳින් දනිති. එබැවින් ප්‍රංශය තමන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් කිහිපදෙනකුම විවේක ගැන්වීමට පසුබට වී නැත.

ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයන් කිහිප දෙනකුම විවේක ගැන්වූ නමුත් උරුගුවේ පිල සෙල්ලමකට ගැනීමට ප්‍රංශ පුහුණුකරු ෆේබියන් ගැල්ති සූදානම් නැත.

“ඔවුන් ෆීජී කණ්ඩායම පරාජය කළා. ඕස්ට්‍රේලියාව එක්ක වුණත් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව නරක නෑ”

“ඒ ගොල්ලන්ට විශාල ශක්තියක් තියෙනවා විතරක් නෙමේ.. ඔවුන් ආක්‍රමණශීලීයි” යයි ගැල්ති කීවේය.

එසේ කීවත් ප්‍රංශ නායක ඩුපොන්ට්ගේ ස්ථානය අංක 8 ක්‍රීඩක ඇන්තනි ජීලොන්ච් වෙත පිරිනැමීමට පුහුණුකරුවා තීරණය කර තිබේ.


අදහස් (0)

ප්‍රංශය ප්‍රබලයන් විවේක ගන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.