(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ මහනුවර රේගු ක්‍රිකට් සමාජය සහ සී.සී.සී. ක්‍රීඩා සමාජය අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සී.සී.සී. සමාජය ඉරිදා (16 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. ක්‍රීඩකයෝ කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 8 ක් දවාගත් ඉනුක කරන්නාගොඩ, පිත්තෙන්ද දස්කම් දක්වමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 65 ක් රැස්කරමින් සී.සී.සී. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
මහනුවර රේගු කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 55 කට කඩුලු 6 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 60 කට කඩුලු 4 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට කෞමාල් නානායක්කාර සමත් වුවද, සී.සී.සී. කණ්ඩායමේ ජයග්‍රණය වළක්වාලීමට ඔහුට නොහැකි විය.
මහනුවර රේගු පළමු ඉනිම - සියලු දෙනා දැවී 165
(යොහාන් මැද්දගේ 46, සහන් කෝසල 18, ඉමේෂ් උදයංග 58, ඉනුක කරන්නාගොඩ 35/3, ධනංජය ද සිල්වා 19/2, විෂ්ව ප්‍රනාන්දු 22/2)
සී.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 201
(නිමේෂ ගුණසිංහ 25, ලසිත් කෲස්පුල්ලේ 20, පවන් රත්නායක 25, ධනංජය ද සිල්වා 27, සොනාල් දිනූෂ 31, චමිඳු විජේසිංහ 34, කෞමාල් නානායක්කාර 55/6, ඉමේෂ් උදයංග 31/2, සචිත්‍ර පෙරේරා 54/2)
මහනුවර රේගු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 212
(ෂෙහාන් ප්‍රනාන්දු 17, සහන් කෝසල 65, රොස්කො තටීල් 44, ඉමේෂ් උදයංග 18, බුද්ධික සංජීව 19, ඉනුක කරන්නාගොඩ 53/5, සොනාල් දිනූෂ 26/2, අෂාන් ප්‍රියන්ජන් 53/2)
සී.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 177
(ඉනුක කරන්නාගොඩ 65, පවන් රත්නායක 43, ධනංජය ද සිල්වා 31, අෂාන් ප්‍රියන්ජන් 17, කෞමාල් නානායක්කාර 60/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.