Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිල රක්ෂණ සහකරු ලෙස වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (සාමාන්‍ය) සමාගම ඉදිරිපත් වී සිටී. මෙම ගිවිසුම යටතේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකයන්ට විශේෂ රථවාහන රක්‍ෂණාවරණයක් හිමි වේ. වසරක කාලයක් සඳහා වලංගු මෙම රක්‍ෂණාවරණය මගින් එම සාමාජිකයන්ට විශේෂ ප්‍රතිලාභ සහ වට්ටම් රැසක් හිමිවනු ඇත.
වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (සමාන්‍ය) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු රක්ෂණ සහකාරිත්වය වෙනුවෙන් වූ ගිවිසුම හුවමාරු කරගත්හ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (සාමාන්‍ය) සමාගම වෙනුවෙන් එහි සහකාර සාමාන්‍යාධිකාරී (ආයතනික ව්‍යාපාර සහ අලෙවි කටයුතු) මහේෂ් ගමගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සහය සේවා) චමින්ද ගුණසිංහ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ බෙදාහැරීම් ප්‍රධානී ලලිත් ද සිල්වා යන මහත්වරුද, වෙළඳ සේවා ක්‍රිකට් සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් රොහාන් සෝමවංස සහ අනුග්‍රාහකත්ව කමිටු සභාපති හසිත දසනායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.