Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
යාපනය පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් (103) ලබාගත් ශතකයත්, ෂෙවොන් ඩැනියෙල් සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාගේ සාර්ථක පිතිහරඹයත් නිසා ගාල්ල පිලට එරෙහිව සූරියවැවදී පැවැති ජාතික සුපර් ලීග් (පළමු පෙළ) තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය. ගාල්ල කණ්ඩායම ලකුණු 66 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත් නමුත් ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ යාපනය පිතිකරුවෝ ඉරිදා (6 වැනිදා) සවස තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 354 ක් ලබා සිටියහ.
සුපර් ලීග් තරගාවලියේදී ලකුණු අතර සිටින ඇන්ජලෝ මැතිව්ස් පසුගිය සතියේදී මහනුවර පිලට එරෙහිවත් ලකුණු 51 ක් ලබාගත්තේය. ගාල්ල පිලට එරෙහිව මුල් ඉනිමේදී ලකුණු 52 ක් ලබාගත් මැතිව්ස්, දෙවැනි ඉනිමේදී ලබාගත් ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය.
පිතිකරුවන්ගේ අණසක පැතිරුණු සූරියවැව ක්‍රීඩාංගණයේදී කණ්ඩායම් දෙකම ඉනිම තුනේදීම ලකුණු 300 කඩඉම පසුකර ගියේය.
යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 305 යි
(ෂෙවොන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, නිරෝෂන් දික්වැල්ල 11, චාමික කරුණාරත්න 35, නිමේෂ් විමුක්ති 16, දිලුම් සුධීර 60/5)
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 371 යි
(ඕෂධ ප්‍රනාන්දු 62, නිපුන් ධනංජය 14, දිනේෂ් චන්දිමාල් 40, දුනිත් වෙල්ලාලගේ 68, රමේෂ් මෙන්ඩිස් 124, සිතුම් දිසානායක 57/3, චාමික කරුණාරත්න 100/2, අසංක මනෝජ් 59/3, නිමේෂ් විමුක්ති 65/2)
යාපනය දෙවැනි ඉනිම - කඩුලු 2 ට 135 යි
(රවිඳු රසන්ත 20, ෂෙවොන් ඩැනියෙල් 96, තනුක දාබරේ 44, ඇන්ජලෝ මැතිව්ස් 103, නිරෝෂන් දික්වැල්ල නොදැවී 60, නිසල තාරක 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.