ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අම්පාර දිස්ත්‍රික්කයට එරෙහිව ඊයේ (22 වැනිදා) මහනුවරදී පැවැති තරගයෙන් පැබෝලා ක්‍රමයට අනුව ලකුණු 156 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර දිස්ත්‍රික් 3 වැනි කළාපය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 379 ක ඉලක්කයක් හඹාගිය අම්පාර දිස්ත්‍රික්කය ඕවර 22 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලබාගත සිටියේ ලකුණු 72 ක් පමණි. එහිදී අකිල වික්‍රමසිංහ නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර දිස්ත්‍රික් 3 වැනි කළාපය ඕවර 50 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 378 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ ආරම්භක පිතිකරු මලිත ලක්ෂාන් (155) සහ කවිජ ගමගේ (නොදැවී 129) ශතක ලබාගැනීමට සමත් වූහ.
මහනුවර දිස්ත්‍රික් 3 වැනි කළාපය - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 378
(මලිත් ලක්ෂාන් 155, කවිජ ගමගේ නොදැවී 129, කන්ක වික්‍රමසිංහ 39)
අම්පාර දිස්ත්‍රික්කය - ඕවර 22 කදී කඩුලු 7 ක් දැවී 72
(අකිල වික්‍රමසිංහ 21/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.