Last Update  :  2025-06-28 12:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic භානුකගේ පිතිහරඹය ද්‍රවිඩ සංගම් පිල දිනවයි
අන්තර් සමාජ ක්‍රිකට්

භානුකගේ පිතිහරඹය ද්‍රවිඩ සංගම් පිල දිනවයි

editorial - 2025 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (27 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ ඕවර 43.1 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඒස් කැපිටල් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 193 ක් ලබාගත් අතර ඒස් කැපිටල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නිමේෂ ගුණසිංහ පන්දු 54 කදී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 


ඒස් කැපිටල් පිල - ඕවර 50 කදී කඩුලු 8 කට 193 
(තනූජ රාජපක්ෂ 30, නිමේෂ ගුණසිංහ 43, හිමාෂ ලියනගේ 27, රවීන් ද සිල්වා නොදැවී 20, දනාල් හේමානන්ද 31, විජයකාන්ත් වියස්කාන්ත් 45/3, කළණ පෙරේරා 29/2) 

ද්‍රවිඩ සංගම් පිල - ඕවර 43.1 කදී කඩුලු 7 කට 199 
(සිතාර හපුහින්න 60, මිනෝද් භානුක 23, ශාරුජන් ශන්මුගනාදන් 40, සචිත ජයතිලක 20, භානුක රාජපක්ෂ නොදැවී 41, වනුජ සහන් 26/2, අනුක විජේවර්ධන 45/2) 


අදහස් (0)

භානුකගේ පිතිහරඹය ද්‍රවිඩ සංගම් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.