
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය ගැනීමට තිබූ අවස්ථාව බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට මඟ හැරී ගියේ නුලෙනි.
අද (16 වැනිදා) නිමාවට පත්වූ මෙම තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය පානදුර කණ්ඩායම තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 137 ක් ලබා සිටියේය.
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන් කරුණානායක (81 සහ 68) සහ රවිඳු ප්‍රනාන්දු (54 සහ 54) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගත් අතර පානදුර කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු (70), ඉරෝෂ් සමරසූරිය (69), ළහිරු දෙවැටගේ (59) සහ ශාලිත ප්‍රනාන්දු (නොදැවී 87) අර්ධ ශතක ලබාගත්හ.
එහිදී පානදුර කණ්ඩායමේ දුෂාන් හේමන්ත ලකුණු 166 කට කඩුලු 9 ක්ද, බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ තරිඳු ගුරුගේ ලකුණු 39 කට කඩුලු 5 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 244
(නිපුන් කරුණානායක 81, ළහිරු මධුෂංක 16, රවිඳු ප්‍රනාන්දු 54, තරිඳු ගුරුගේ 33, ඉම්තියාස් සල්සා 38/3, දුෂාන් හේමන්ත 54/3, නිමේෂ් විමුක්ති 65/2)
පානදුර පළමු ඉනිම - සියලු දෙනා දැවී 318
(ඕෂධ ප්‍රනාන්දු 70, ඉරෝෂ් සමරසූරිය 69, ළහිරු දෙවැටගේ 59, ශාලිත ප්‍රනාන්දු නොදැවී 87, තරිඳු ගුරුගේ 39/5, රවිඳු ප්‍රනාන්දු 69/3)
බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 319
(යොහාන් ද සිල්වා 45, අසිත වන්නිනායක 23, රොන් චන්ද්‍රගුප්ත 34, ඉසිත විජේසුන්දර 39, රවිඳු ප්‍රනාන්දු 54, නිපුන් කරුණානායක 68, ළහිරු මධුෂංක 25, දුෂාන් හේමන්ත 112/6, නිමේෂ් විමුක්ති 65/2)
පානදුර දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 137
(ඉරෝෂ් සමරසූරිය 32, දුෂාන් හේමන්ත 33, ශාලිත ප්‍රනාන්දු 17, රනිත ලියනාරච්චි 20, කවීෂ පියුමාල් 38/4, සහන් නානායක්කාර 28/3, රවිඳු ප්‍රනාන්දු 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.