Last Update  :  2025-05-19 21:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic බ්ලූම්ෆීල්ඩ් පන්දු යවන්නෝ 57 කට නුගේගොඩ දවාලති
අන්තර් සමාජ වි20

බ්ලූම්ෆීල්ඩ් පන්දු යවන්නෝ 57 කට නුගේගොඩ දවාලති

editorial - 2025 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වූ අද (16 වැනිදා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී නුගේගොඩ ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුණු 57 කට සීමා කිරීමට බ්ලූම්ෆීල්ඩ් පන්දු යවන්නෝ සමත් වූහ. 

දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ රවිඳු ප්‍රනාන්දු සහ දුලාජ් සමුදිත කඩුලු 4 බැගින් දවාගනිමින් ඕවර 14.1 ක් අවසානයේ නුගේගොඩ ඉනිම වනසා දැමූහ. ලකුණු 58 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ ඕවර 7.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. 

අද පැවැති සෙසු තරගවලදී බී.ආර්.සී., සී.සී.සී., එන්.සී.සී., මුවර්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වර්තා කළ අතර එහිදී පොලිස්, ඒස් කැපිටල්, කුරුණෑගල, පානදුර සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ පරාජයට පත්විය. 

 

බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 7 ක ජයක් 
නුගේගොඩ පිල - ඕවර 14.1 කදී සියලු දෙනා දැවී 57 
(තිලකරත්න සම්පත් 19, රවිඳු ප්‍රනාන්දු 05/4, දුලාජ් සමුදිත 13/4) 

බ්ලූම්ෆීල්ඩ් පිල - ඕවර 7.1 කදී කඩුලු 3 ක් දැවී 63 
(රොන් චන්ද්‍රගුප්ත 19, ළහිරු මධුෂංක නොදැවී 15) 

 

බී.ආර්.සී. පිලට ලකුණු 66 ක ජයක් 
බී.ආර්.සී. පිල - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 160 
(සවින් ගුණසේකර 26, කුසල් විජේතුංග 25, මොවින් සුබසිංහ 72, ඉෂිර ආයුපාල 25/3, චාරුක ප්‍රමෝද් 24/2, අෂේන් බණ්ඩාර 31/2) 

පොලිස් පිල - ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 94 
(විෂාද් රන්දික 22, ධනුජ ඉඳුවර 17, අෂේන් බණ්ඩාර 37, ශෂික දුල්ෂාන් 20/4, චමීර දිසානායක 16/2) 

 

සී.සී.සී. පිලට කඩුලු 6 ක ජයක් 
ඒස්. කැපිලටල් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 98 
(ළහිරු දෙවැටගේ 15, හිමාෂ ලියනගේ 31, ඉසිත විජේසුන්දර 16, චතුරංග ද සිල්වා 09/2, ධනංජය ද සිල්වා 20/2, ඉසුරු උදාන 21/2) 
සී.සී.සී. පිල - ඕවර 16 කදී කඩුලු 4 ක් දැවී 102 
(ධනංජය ද සිල්වා 42, සහන් කෝසල නොදැවී 28, ටේ‍රවීන් මැතිව් 15/2) 

 

එන්.සී.සී. පිලට කඩුලු 6 ක ජයක් 
කුරුණෑගල පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 135 
(කවිඳු ඒකනායක 15, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 35, අසන්ත බස්නායක නොදැවී 31, සම්පත් නිශ්ෂංක 31/3, සහන් ආරච්චිගේ 23/2) 

එන්.සී.සී. පිල - ඕවර 13 කදී කඩුලු 4 ක් දැවී 138 
(පැතුම් නිස්සංක 50, ළහිරු උදාර 56, අහන් වික්‍රමසිංහ නොදැවී 15, දුවිඳු තිලකරත්න 41/2) 

 

මුවර්ස් පිලට කඩුලු 7 ක ජයක් 
පානදුර පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 130 
(විෂේන් හැළඹගේ 23, එරංග ජයකොඩි 15, දුෂාන් හේමන්ත 18, නිසල තාරක නොදැවී 27, රමේෂ් මෙන්ඩිස් 21/2, ගරුක සංකේත් 25/2) 

මුවර්ස් පිල - ඕවර 12.5 කදී කඩුලු 3 කට 131 
(ජනිෂ්ක පෙරේරා 18, සොහාන් ද ලිවේරා 46, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 37, සෙනිත හැළඹගේ 32/3) 

 

කෝල්ට්ස් පිලට කඩුලු 4 ක ජයක් 
ද්‍රවිඩ සංගම් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 165 
(සිනෙත් ජයවර්ධන 61, භානුක රාජපක්ෂ 25, සචිත ජයතිලක 23, කවිෂ්ක අංජුල 19/4, ධනංජය ලක්ෂාන් 14/2) 

කෝල්ට්ස් පිල - ඕවර 18.5 කදී කඩුලු 6 ක් දැවී 166  
(රවිඳු රෂාන්ත 28, ධනංජය ලක්ෂාන් 26, දුනිත් වෙල්ලාලගේ 16, සනෝජ් දර්ෂික නොදැවී 55, මුදිත ලක්ෂාන් නොදැවී 16, තරිඳු රත්නායක 28/3) 

 


අදහස් (0)

බ්ලූම්ෆීල්ඩ් පන්දු යවන්නෝ 57 කට නුගේගොඩ දවාලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.