Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේ දින දෙකක් අවසන් වනවිට දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම් සේ සැලකෙන එස්.එස්.සී, එන්.සී.සී, කෝල්ට්ස් සහ ගුවන් හමුදා කණ්ඩායම් තම තමන් අයත් කාණ්ඩවල පෙරමුණ ගෙන සිටිති.
‘ඒ’ කාණ්ඩයෙන් සහ ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරන එස්.එස්.සී සහ ගුවන් හමුදා කණ්ඩායම් ඔවුන් සහභාගී වූ තරග 2 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 9 බැගින් හිමිකර ගැනීමට සමත්ව සිටිති. නමුත් ඔවුන්ට හිමිවූයේ එක් අතිරේක ප්‍රසාද ලකුණු බැගිනිය.
‘බී’ කාණ්ඩයෙන් සහ ‘සී’ කාණ්ඩයෙන් තරග කරන එන්.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම්ද ඔවුන් සහභාගීවූ තරග 2 ම ජයගැනිමට සමත්වූ අතර ඔවුන් ප්‍රසාද ලකුණු 10 බැගින් හිමිකර ගත්තේ අතිරේක ප්‍රසාද ලකුණු 2 ක්ද හිමිකර ගනිමිනි.
තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා (14 වැනිදා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට එස්.එස්.සී, රාගම, යුදහමුදාව, ගුවන් හමුදාව, මීගමුව, වරාය අධිකාරිය, බ්ලූම්ෆීල්ඞ්, එන්.සී.සී, පානදුර, කෝල්ට්ස් යන කණ්ඩායම් සමත්වූහ. ඊයේ පැවැති තරග වලදී යුදහමුදාව, ද්‍රවිඩ සංගමය, ලන්කන්, සී.සී.සී, සැරසන්ස්, එන්.සී.සී, පානදුර, හලාවත මේරියන්ස්, කෝල්ට්ස්, මූවර්ස්, එස්.එස්.සී සහ ගුවන් හමුදා යන කණ්ඩායම් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්වූහ.
අවසන්වූ දින දෙකෙහිදී චරිත් අසලංක (එස්.එස්.සී), ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස්), අදීෂ නානායක්කාර (වරාය අධිකාරිය), උපුල් තරංග (එන්.සී.සී) ශතක ලබාගත්හ.
ගුවන් හමුදා පිලේ රවිඳු සෙම්බුකුට්ටිගේ කඩුලු 7 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දුයවන්නන් අතර පෙරමුණේ පසුවන්නේය. කුරුණෑගල යොවුන් පිලේ නවීන් කවිකාර, ද්‍රවිඩ සංගම් පිලේ සදිෂ් පතිරණගේ, එන්.සී.සී පිලේ චාමික කරුණාරත්න, කෝල්ට්ස් පිලේ ප්‍රභාත් ජයසූරිය සහ පානදුර පිලේ සිතුම් දිසානායක කඩුලු 6 බැගින් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.