(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට මේරියන්ස් ක්‍රිකට් සමාජය ඉරිදා (16 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 72 ක ඉලක්කයක් හඹාගිය මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී රාගම කණ්ඩායමේ ශෂික දුල්ෂාන් සහ කෝෂාන් ධනුෂ්ක කඩුලු 3 බැගින් බිඳහෙළීමට සමත් වුවද, ඔවුන්ට මේරියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය වළක්වාලීමට නොහැකි වූහ.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුෂාන් විමුක්ති පළමු ඉනිමේදී ලකුණු 39 කට කඩුලු 8 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 61 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් රාගම පිතිකරුවන් අසරණ කළේය. මේරියන්ස් පිල දිනවීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සුමින්ද ලක්ෂාන් කඩුලු 6 ක් බිඳහෙළමින් අර්ධ ශතකයක්ද ලබාගත්තේය.
මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 276
(කසුන් විදුර 60, රවීන් යසස් 45, චමෝද් සඳරු 46, සුමින්ද ලක්ෂාන් 73, කවිඳු නිම්සර 32, හරීන් රත්නමුදලි 45/4, ශෂික දුල්ෂාන් 84/3, සන්තුෂ් ගුණතිලක 32/2)
රාගම පළමු ඉනිම - සියලු දෙනා දැවී 89
(සමින්ද ප්‍රනාන්දු 17, සන්තුෂ් ගුණතිලක 23, ශෂික දුල්ෂාන් නොදැවී 31, දුෂාන් විමුක්ති 39/8)
රාගම දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 258
(සමින්ද ප්‍රනාන්දු 96, විනුර දුල්සර 75, ශෂික දුල්ෂාන් 27, සුමින්ද ලක්ෂාන් 92/5, දුෂාන් විමුක්ති 61/3, දුවිඳු තිලකරත්න 40/2)
මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 74
(දුෂාන් විමුක්ති නොදැවී 27, චමෝද් සඳරු 20, ශෂික දුල්ෂාන් 19/3, කෝෂාන් ධනුෂ්ක 23/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.