Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ද්‍රවිඩ සංගමය - රාගම අවසන් තරගයට
අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලිය

ද්‍රවිඩ සංගමය - රාගම අවසන් තරගයට

editorial - 2021 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් සමත්වූහ. අවසන් පූර්ව තරග ඊයේ (28 වැනිදා) ආරම්භ වුවද වර්ෂාව හේතුවෙන් අතිරේක දිනයක් වූ අද (29 වැනිදා) දිනට කල් දැමූ අතර නතර කළ තැන සිට නැවත තරග ආරම්භ කෙරිණ.

පළමු අවසන් පූර්ව තරගයේදී යුදහමුදා පිලට එරෙහිව ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 47 ක ජයක් හිමිකර ගැනීමට ද්‍රවිඩ සංගම් පිල සමත් විය. රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් මූලික වටයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවු රාගම පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.


යුද හමුදා - ද්‍රවිඩ සංගම් තරගය
පළමු අවසන් පූර්ව තරගය මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ යුදහමුදා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ද්‍රවිඩ සංගම් පිලට ආරාධනා කළේය. නමුත්  ඕවර 50 අවසානයේ සියලූදෙනා දැවී ද්‍රවිඩ සංගම් පිලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 242 ක් පමණි. ද්‍රවිඩ සංගම් පිලේ ඉනිම අවසන් වීමෙන් පසුව මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයට වර්ෂාව පතිත වූ අතර යළිත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

සධීර සමරවික‍්‍රම පන්දු 85 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 49 ක් රැස්කර සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. දැවී යනවිට පන්දු 55 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

සංතුෂ් ගුණතිලක ලකුණු 37 ක්, ශිරාන් ප‍්‍රනාන්දු ලකුණු 23 ක් සහ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 20 ක් ලබාගනිමින් ද්‍රවිඩ සංගම් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ. හේෂාන් හෙට්ටිආරච්චි කඩුලූ 3 ක් ද, සීකුගේ ප‍්‍රසන්න සහ සුමින්ද ලක්ෂාන් කඩුලූ 2 බැගින් දවාගත්හ.

පෙර දින සවස් වරුවේ සහ රාත‍්‍රියේ ඇදහැලූණුු වර්ෂාව හේතුවෙන් අද දිනයේදී යුදහමුදා ඉනිම ආරම්භ කිරීම පස්වරු 2.45 දක්වා කල් දැමීමට සිදුවිය. පමාවී තරගය ආරම්භ කිරීමට සිදුවීම නිසා යුදහමුදා පිලට  ඕවර 7 ක් අහිමිවූ අතර  ඕවර 43 කදී ලකුණු 227 ක ජයග‍්‍රාහී ඉලක්කයක් ඔවුන්ට ලැබිණ. නමුත්  ඕවර 32.5 කදී සියලූ දෙනා දැවී යුදහමුදා පිලට රැුස්කිරීමට හැකිවූයේ ලකුණු 179 ක් පමණි.

අසේල ගුණරත්න ලකුණු 40 ක්, සීකුගේ ප‍්‍රසන්න ලකුණු 29 ක් සහ පැතුම් ඩිල්ෂාන් ලකුණු 26 ක් ලබාගත් නමුත් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් අපොහොසත් වූහ. ප‍්‍රමෝද් මධුශාන් සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලූ 3 බැගින්ද, ශිරාන් ප‍්‍රනාන්දු කඩුලූ 2 ක් ද දවාගනිමින් ද්‍රවිඩ සංගම් පිල අවසන් මහා තරගයට කැඳවාගෙන ගියහ.


රාගම - එන්.සී.සී. තරගය
පෙර දින සවස් වරුවේ සහ රාත‍්‍රියේ ඇදහැලූණුු වර්ෂාව හේතුවෙන් අද දින සවස් වරුව වනතෙක් ක‍්‍රීඩාංගණය වේලාගැනීමට නොහැකිවීම හේතුවෙන් දොඹගොඩ යුදහමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැති රාගම සහ එන්.සී.සී. කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය විස`දුමකින් තොරව අවසන් කිරීමට සිදුවිය.

මූලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග කළ රාගම කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබීම හේතුවෙන් ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ එන්.සී.සී. පිල ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවීම නිසා ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ගිලිහි ගියේය.

වර්ෂාව හේතුවෙන් රාගම සහ එන්.සී.සී. කණ්ඩායම් අතර තරගය ඊයේ නතර කරනවිට පළමුව පන්දුවට පහරදුන් රාගම පිල  ඕවර 31 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 114 ක් රැස්කර සිටියේය. ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක පන්දු 78 කදී හතරේ පහරක් සමගින් ලකුණු 41 ක් සහ ඉෂාන් ජයරත්න ලකුණු 7 ක් රැස්කරමින් තරගය නතර කරනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ජනිත් ලියනගේ ලකුණු 26 ක් සහ අවිශ්ක තරිඳු ලකුණු 21 ක් ලබාගැනීමට සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සචිඳු කොළඹගේ  ඕවර 8 ක් යවමින් එක් නිලකුණු  ඕවරයක් සමගින් ලකුණු 26 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.


ද්‍රවිඩ සංගමය සහ යුදහමුදා කණ්ඩායම් අතර මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය -  ඕවර 50 කදී සියලූදෙනා දැවී 242
(නවෝද් පරණවිතාන 49, සුපුන් කාවින්ද 21, සධීර සමරවික‍්‍රම 50, සංතුෂ් ගුණතිලක 37, ශිරාන් ප‍්‍රනාන්දු 23, ජෙෆ්රි වැන්ඩසේ 20, හේෂාන් හෙට්ටිආරච්චි 42/3, සීකුගේ ප‍්‍රසන්න 39/2, සුමින්ද ලක්ෂාන් 46/2)
යුදහමුදා පිල -  ඕවර 32.5 කදී සියලූදෙනා දැවී 179
(පැතුම් දිල්ශාන් 26, අසේල ගුණරත්න 40, සීකුගේ ප‍්‍රසන්න 29, ප‍්‍රමෝද් මධුශාන් 30/3, ජෙෆ්රි වැන්ඩසේ 48/3, ශිරාන් ප‍්‍රනාන්දු 38/2)

 

රාගම සහ එන්.සී.සී. කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක‍්‍රීඩාංගණයේදී
රාගම -  ඕවර 31 කදී කඩුලූ 5 ක් දැවී 114
(නිශාන් මදුෂ්ක නොදැවී 41, ජනිත් ලියනගේ 26, අවිශ්ක තරිඳු 21, සචිඳු කොළඹගේ 26/3)

 


අදහස් (0)

ද්‍රවිඩ සංගමය - රාගම අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.