Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic තරගාවලිය හෙට ඇරඹෙයි
එල්.පී.එල්. - 2022

තරගාවලිය හෙට ඇරඹෙයි

editorial - 2022 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ තුන්වැන්න හෙට (6 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගාවලිය සඳහා පසුගිය මාසයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් දෙදෙනකු හැර අන් සියලු දෙනාම මෙම තරගාවලියට සහභාගි වෙති.

ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයයකට ලක්වූ දුෂ්මන්ත චමීර සහ ඕස්ට්‍රේලියානු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව සිටින ධනුෂ්ක ගුණතිලක දෙදෙනා මෙවර එල්.පී.එල්. තරගාවලියට සහභාගි නොවෙති. චාමික කරුණාරත්න අබුඩාබිහිදී පැවැත්වෙන ටී-10 තරගාවලියට සහභාගි වෙමින් සිටියද මේ මස 4 වැනිදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණ එල්.පී.එල්. තරගාවලියට සහභාගි වන ලෙස දැනුම් දී තිබේ.

ආබාධවලට ලක්වීම නිසා දිගු කාලයක් තිස්සේ සුවය ලබමින් සිටි ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්ද සහ කුසල් ජනිත් පෙරේරා මෙවර එල්.පී.එල්. තරගාවලියත් සමගින් නැවතත් පිටියට පිවිසෙති. සති තුනක් පුරා පැවැත්වෙන තරගාවලියට විදේශීය ක්‍රීඩකයෝ 30 ක් ද ඉදිරිපත්ව සිටිති. තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් සංඛ්‍යාව 75 ට ආසන්නය. .

ඇන්ජලෝ මැතිව්ස්(කොළඹ ස්ටාර්ස්), තිසර පෙරේරා(යාපනය කිංග්ස්), කුසල් මෙන්ඩිස්(ගෝල් ග්ලැඩියේටර්ස්), දසුන් ශානක(දඹුල්ල අවුරා) සහ වනිඳු හසරංග(මහනුවර ෆෝල්කන්ස්) කණ්ඩායම් නායකයෝ වෙති. රුවන් කල්පගේ(කොළඹ ස්ටාර්ස්), තිලිණ කණ්ඩම්බි(යාපනය කිංග්ස්), මොයින් ඛාන්(ගෝල් ග්ලැඩියේටර්ස්), මිකී ආතර්(දඹුල්ල අවුරා) සහ පියල් විජේතුංග(මහනුවර ෆෝල්කන්ස්) කණ්ඩායම් වල පුහුණුකරුවෝ ලෙසින් කටයුතු කරති.

හෙට පස්වරු 3.00 ට ආරම්භ වන තරගයේදී යාපනය කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් තරග වදිති. කොළඹ ස්ටාර්ස් සහ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම් අතර තරගය හෙට පස්වරු 7.30 ට ආරම්භ වෙයි.

 


අදහස් (0)

තරගාවලිය හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.