Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චතුරංග ද සිල්වාගේ (159) විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තීරණාත්මක තරගයක් වන එන්.සී.සී සහ සී.සී.සී කණ්ඩායම් අතර තරගයේ දෙවැනි දිනය වූ අද (21 වැනිදා) එන්.සී.සී පිල සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 467 ක් රැස්කිරීමට සමත්විය. මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරගාවලියේ තෙවැනි වටයේ තරගයකි.
පිළිතුරු ඉනිම ඇරඹූ සී.සී.සී පිල දෙවැනි දිනය අවසන් වනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 210 ක් රැස්කර සිටියේය. ඒ අනුව එන්.සී.සී පිල පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 257 ක් පසුපසින් සි.සී.සී පිල පසුවන්නේය. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 80 ක් සහ ලසිත් අබේරත්න ලකුණු 42 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
විශිෂ්ඨ පිතිහරඹයක නිරතවූ චතුරංග ද සිල්වා පන්දු 229 කදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 159 ක් රැස් කිරීමට සමත්විය. සහන් ආරච්චිගේ සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 204 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් එන්.සී.සී ලකුණු පුවරුව ඉහළ දැමීමටද චතුරංග ද සිල්වා සමත්විය.
තවත් තරග 3 ක් කටුනායක මේරියන්ස්, සී.සී.සී සහ එස්.එස්.සී ක්‍රීඩාංගණ වලදී දෙවැනි දිනටත් පැවැති අතර එහිදී බී.ආර්.සී. පිලේ රමින්ද විජේසූරිය (109), රාගම පිලේ ජනිත් ලියනගේ (නොදැවී 107) සහ හලාවත මේරියන්ස් පිලේ රුමේෂ් බුද්ධික (145) ශතක ලබාගනිමින් ඊයේ දිනයේදී පිත්තෙන් දස්කම් දැක්වූහ.
එන්.සී.සී සහ සී.සී.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 467
(ළහිරු උදාර 111, මහේල උඩවත්ත 77, චතුරංග ද සිල්වා 159, සහන් ආරච්චිගේ 62, මාලින්ද පුෂ්පකුමාර 80/6, ළහිරු ගමගේ 66/2)
සී.සී.සී පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 210
(මිනෝද් භානුක 33, කුසල් මෙන්ඩිස් නොදැවී 80, අශාන් ප්‍රියංජන් 23, ලසිත් අබේරත්න නොදැවී 42)
බී.ආර්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 392
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, දේශාන් ඩයස් 39, භානුක රාජපක්ෂ 33, දිල්ෂාන් ද සොයිසා 26, ශානුක දුලාජ් 94, රමින්ද විජේසූරිය 109, රනිත ලියනාරච්චි 66/6, සචින්ත පිරීස් 85/2)
සැරසන්ස් පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 191
(සිතාර ගිම්හාන් 43, ගමිඳු අමරසිංහ 43, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 27, අෂේන් බණ්ඩාර 31, මොහොමඞ් ශිරාස් 45/2)
යුදහමුදා සහ රාගම කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - සියලුදෙනා දැවී 501
(සමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් ප්‍රනාන්දු 56, ජනිත් ලියනගේ නොදැවී 107, බිනුර ප්‍රනාන්දු 62, අමිල අපෝන්සු 44, යසෝධ මෙන්ඩිස් 74/3, මල්ක මදුශංක 84/2, සීකුගේ ප්‍රසන්න 128/2)
යුදහමුදා පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 93
(දිනේෂ් චන්දිමාල් 50, ශශික දුෂාන් 19/3, ඉෂාන් ජයරත්න 05/2)
කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 302
(සංතුෂ් ගුණතිලක 74, සංගීත් කුරේ 38, ඩිල්රුවන් පෙරේරා 58, අකිල ධනංජය නොදැවී 51, අසිත ප්‍රනාන්දු 87/5, ශෙහාන් ජයසූරිය 54/2, තික්‍ෂිල ද සිල්වා 65/2)
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 399
(ලසිත් කෘස්පුල්ලේ 54, රුමේෂ් බුද්ධික 145, ශෙහාන් ජයසූරිය 28, විදුර අධිකාරී නොදැවී 68, තික්ෂිල ද සිල්වා 20, නිපුන රංසික 58/2, අකිල ධනංජය 72/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.