(රොෂාන් ගුණරත්න)
ඉංශක සිරිවර්ධනගේ (19/6) දක්ෂ පන්දු යැවීම හමුවේ අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ අද (19 වැනිදා) පැවැති තරගයකදී එන්.සී.සී පිලට එරෙහිව ලකුණු 60 ක ජයක් ලබාගැනීමට කළුතර නාගරික පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී පිලට ඕවර 30.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118 ක් පමණි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉංශක සිරිවර්ධන ඕවර 10 ක් යවමින් නිලකුණු ඕවර 4 ක් සමගින් ලකුණු 19 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කළුතර නාගරික පිලට ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි.
විශාර ප්‍රනාන්දු සහ තරිඳු සිරිවර්ධන අර්ධ ශතක ලබාගනිමින් කළුතර නාගරික පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. විශාර ප්‍රනාන්දු පන්දු 72 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 52 ක් ලබාගත් අතර තරිඳු සිරිවර්ධන පන්දු 89 කදි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් ලබාගැනීමට සමත්විය.
සහන් ආරච්චිගේ කඩුලු 3 ක් ද, අසෙල් සිගේරා සහ සචිඳු කොළඹගේ කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තවත් තරග 10 ක් අද පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට කෝල්ට්ස්, යුද හමුදාව, මීගමුව, කුරුණෑගල යොවුන්, ගුවන් හමුදාව, සී.සී.සී, ඒස් කැපිටල්, එස්.එස්.සී, මූවර්ස් සහ පානදුර යන කණ්ඩායම් සමත්වූහ.
නාවික හමුදා පිලේ සහන් කෝසල පමණක් අද දිනයේදී ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය.
කළුතර නාගරික පිලේ ඉංශක සිරිවර්ධන කඩුලු 6 ක් ද, කෝල්ට්ස් පිලේ අකිල ධනංජය, යුද හමුදා පිලේ සුමින්ද ලක්ෂාන්, ගුවන් හමුදා පිලේ ගයාන් සිරිසෝම සහ මූවර්ස් පිලේ චානුක ඩිල්ෂාන් කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කළුතර නාගරික පිලට ලකුණු 60 ක ජයක්
එන්.සී.සී සහ කළුතර නාගරික කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 178
(විශාර ප්‍රනාන්දු 52, තරිඳු සිරිවර්ධන 51, දිනෙත් ජයකොඩි 25, සහන් ආරච්චිගේ 31/3, අසෙල් සිගේරා 24/2, සචිඳු කොළඹගේ 35/2)
එන්.සී.සී - ඕවර 30.5 කදී සියලුදෙනා දැවී 118
(අසෙල් සිගේරා 23, නිපුන් රංසික 27, ඉංශක සිරිවර්ධන 19/6, කණිෂ්ක මදුවන්ත 39/2)
කෝල්ට්ස් පිලට ලකුණු 29 ක ජයක්
සැරසන්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී 176
(ධනංජය ලක්ෂාන් 26, ශෙරාන් ප්‍රනාන්දු 39, මුදිත ලක්ෂාන් 38, රොහාන් සංජය 28, සඳුන් මෙන්ඩිස් 43/3, තවීෂ අභිෂේක් 16/2, උදිත් මදුෂාන් 20/2, ඉසිත විජේසුන්දර 42/2)
සැරසන්ස් - ඕවර 37.4 කදී සියලුදෙනා දැවී 147
(සිතාර ගිම්හාන් 20, තවීෂ අභිෂේක් 36, මොහොමඩ් වකාස් 25, ඉසිත විජේසුන්දර 25, අකිල ධනංජය 27/5, චමෝද් බට්ටගේ 36/2)
යුද හමුදා පිලට ලකුණු 93 ක ජයක්
ගාල්ල සහ යුද හමුදා කණ්ඩායම් අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
යුද හමුදාව - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 225
(ශෙහාන් ප්‍රනාන්දු 23, තිසර පෙරේරා 30, සුමින්ද ලක්ෂාන් 43, යශෝධ මෙන්ඩිස් 24, ලක්ෂාන් ගමගේ 22, මිහිරංග ද සිල්වා 30/3, රවිඳු සෙම්බුකුට්ටිගේ 32/2)
ගාල්ල - ඕවර 36.2 කදී සියලුදෙනා දැවී 132
(රවිඳු සෙම්බුකුට්ටිගේ 43, තරිඳු අමරසිංහ 25, චතුර ලක්ෂාන් 29, සුමින්ද ලක්ෂාන් 29/5, රත්නරාජා තෙනුරතන් 18/2)
මීගමුව පිලට කඩුලු 5 ක ජයක්
නාවික හමුදාව සහ මීගමුව කණ්ඩායම් අතර කටුනායකදී
නාවික හමුදාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 270
(සචිත්‍ර සේනානායක 20, මාලිංග මලිගස්පේ 51, සහන් කෝසල නොදැවී 132, ධණුෂ්ක සඳරුවන් 25/2, ඩිල්ෂාන් මුණවීර 33/2)
මීගමුව - ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී 272
(මිසනූර් රහ්මන් 37, ඩිල්ෂාන් මුණවීර 35, දිමුත් සඳරුවන් නොදැවී 88, ජතින් සක්සේනා 24, උමේෂ් ලක්ෂාන් නොදැවී 78, ළහිරු ජයකොඩි 30/2, සචිත්‍ර සේනානායක 38/2)
කුරුණෑගල යොවුන් පිලට ලකුණු 12 ක ජයක්
නුගේගොඩ සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල යොවුන් - ඕවර 44.3 කදී සියලුදෙනා දැවී 149
(ගයාන් මනීෂාන් 43, මුදිත ප්‍රේමදාස 30, නිලන්ක ප්‍රේමරත්න 22, නවීන් ප්‍රනාන්දු 39/3, රාහුල් ගුණසේකර 13/2, හංස ද සිල්වා 24/2)
නුගේගොඩ - ඕවර 28.5 කදී සියලුදෙනා දැවී 137
(රනිත ලියනාරච්චි 29, නවීන් ප්‍රනාන්දු 26, ළහිරු ජයරත්න 36/4, මදුරංග නවීන් 45/4)
ගුවන් හමුදා පිලට කඩුලු 4 ක ජයක්
බී.ආර්.සී සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී - ඕවර 27.4 කදී සියලුදෙනා දැවී 139
(තිලකරත්න සම්පත් 31, ළහිරු සමරකෝන් 37, ගයාන් සිරිසෝම 59/5, මොවින් සුබසිංහ 34/3)
ගුවන් හමුදාව - ඕවර 41.3 කදී කඩුලු 6 ක් දැවී 141
(සාහිල් ඩයස් නොදැවී 64, ආදිත්‍ය සිරිවර්ධන 35, දුවිඳු තිලකරත්න 22/3, කෙවින් කොත්තිගොඩ 20/2)
සී.සී.සී පිලට ලකුණු 29 ක ජයක්
හලාවත මේරියන්ස් සහ සී.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 244
(නිමේෂ ගුණසිංහ 34, අෂාන් ප්‍රියංජන් 57, ලසිත අබේරත්න 61, චමිඳු විජේසිංහ 60, ගෞරව් ජාදර් 34/3, පුලින තරංග 50/2)
හලාවත මේරියන්ස් - ඕවර 48 කදී සියලුදෙනා දැවී 215
(ගෞරව් ජාදර් 23, රවීන් යසස් 67, පුලින තරංග 40, වනිඳු හසරංග 34/3, මාලින්ද පුෂ්පකුමාර 41/2, ලක්ෂාන් සඳකැන් 51/2)
ඒස් කැපිටල් පිලට කඩුලු 7 ක ජයක්
සෙබස්තිනයිට්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී 194
(මනෙල්ක ද සිල්වා 25, සචිත ජයතිලක 44, විශාල් සිල්වා 21, ලොහාන් ද සොයිසා නොදැවී 48, නිමසර අතරගල්ල 65/4, චානක දේවින්ද 38/3)
ඒස් කැපිටල් - ඕවර 22.3 කදී කඩුලු 3 ක් දැවී 195
(තනුක දාබරේ 80, ලසිත් කෘස්පුල්ලේ 44, ටී.බාස්කරන් නොදැවී 27, චරිත් රාජපක්ෂ 36/2)
එස්.එස්.සී පිලට ලකුණු 25 ක ජයක් (ඩක්වත් ලුවිස්)
බ්ලූම්ෆීල්ඩ් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 229
(නිපුන් ධනංජය 53, ක්‍රිෂාන් සංජුල 29, සම්මු අෂාන් 24, චමිඳු වික්‍රමසිංහ 21, කවිඳු නදීෂාන් 46, මාධව වර්ණපුර 39/4, යෂ්පාල් සිං 34/3, මාලින්ද පෙරේරා 56/2)
බ්ලූම්ෆීල්ඩ් - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී 194
(යෂ්පාල් සිං 67, අශාන් ප්‍රනාන්දු 49, ලක්ෂිත මනසිංහ 28/3, නිපුන් ධනංජය 09/2)
මූවර්ස් පිලට ලකුණු 102 ක ජයක්
පොලිස් සහ මූවර්ස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 221
(දිනුක ඩිල්ෂාන් 45, පබසර වඩුගේ 25, පසිඳු සූරියබණ්ඩාර 35, මොහොමඩ් ශමාස් නොදැවී 58, චාරුක ජයතිලක 30/3, නදීර බාලසූරිය 21/2, ළහිරු දියන්ත 45/2)
පොලිස් - ඕවර 33.3 කදී සියලුදෙනා දැවී 119
(ගීතාංෂ් කේරා 37, චරිත් සුධාරක 20, චානුක ඩිල්ෂාන් 20/5, ඉම්තියාස් ස්ලාසා 08/2)
පානදුර පිලට කඩුලු 5 ක ජයක්
කැන්ඩි කස්ටම්ස් සහ පානදුර කණ්ඩායම් අතර පානදුර නගරසභා ක්‍රීඩාංගණයේදී
කැන්ඩි කස්ටම්ස් - ඕවර 48.5 කදී සියලුදෙනා දැවී 204
(රෂ්මික මදුශංක 44, සලිඳු පතිරණ 51, අයේෂ් හර්ෂණ නොදැවී 38, නිමේෂ් විමුක්ති 32/4, පවන් සංදේෂ් 32/3)
පානදුර - ඕවර 29.3 කදී කඩුලු 5 ක් දැවී 208
(ලක්ෂාන් රොද්‍රිගූ 83, පවන් සංදේෂ් 29, නිමේෂ් විමුක්ති නොදැවී 74, අයේෂ් හර්ෂණ 44/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.