Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic අළු කණ්ඩායම අවසන් තරගය පෙනෙන දුරින්
ආරාධිත වි-20 තරගාවලිය

අළු කණ්ඩායම අවසන් තරගය පෙනෙන දුරින්

editorial - 2022 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලකුණු 19 ක් තුළ කඩුලු 9 ක් දවාගත් ශ්‍රී ලංකා ‘අළු’ කණ්ඩායම ශ්‍රී ලංකා ආරාධිත විස්සයි-20 තරගාවලියේදී අද (13 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 81 ක පහසු ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පත් අළු කණ්ඩායම, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලියේ  අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවකට අත පොවන දුරින් පසුවෙයි.

යම් හෙයකින් අද රාත්‍රියේ පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ‘නිල්’ කණ්ඩායම ජයගතහොත්, ශූද්ධ ලකුණු වේගය මත අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් අළු කණ්ඩායමට තිබේ. ඒ හරිත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඔවුන් ලබාගත් ධන ලකුණු වේගය හේතුවෙනි.

ලකුණු 167 ක ඉලක්කයක් කරා යාම පිණිස පිටියට පැමිණි හරිත ක්‍රීඩකයෝ ඕවර 10 ක් නිමාවේදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 66 ක් ලබා සිටියහ. එහෙත් එතැන් සිට පන්දු 33 ක් ඇතුළත ඉතිරි කඩුලු නවයම දවාගත් අශාන් ප්‍රියන්ජන්ගේ ‘අළු’ කණ්ඩායම ලකුණු 81 ක පහසු ජයක් අත්කර ගත්තේය.

කාසියේ වාසිය හිමිකරගත් ‘හරිත’ නායක දසුන් ශානක පළමුවෙන්ම පන්දු යැවීම තෝරා ගත් නමුත් තනුක දාබරේ සහ කසුන් විදුර එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කින් ලකුණු 119 ක් එක් කළහ. එතැන් සිට ඉදිරියට ගිය අළු ක්‍රීඩකයන්ට මිනෝද් භානුකගෙනුත් ලකුණු 20 ක් එක්වූයෙන් සටනක් දිය හැකි ලකුණු 166 ක් පුවරුවේ පෙනෙන්නට තිබිණ.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වන පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් තිදෙනා හරිත කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින පිතිකරුවෝ තිදෙනා වෙති. හරිත පිල ලබාගත් ලකුණු 85 න් ලකුණු 66 කටම හිමිකම් කීවේ ඔවුන් තිදෙනා වූ අතර දිනේෂ් චන්දිමාල්ගේ දැවී යාමත්, අවසන් කඩුල්ලත් අතර පරතය ලකුණු 19 කි.


ශ්‍රී ලංකා ක්‍රිකට් අළු - ඕවර 20 කදී කඩුලු 7 ට 166 යි
(තනුක දාබරේ 66, කසුන් විදුර 36, මිනෝද් භානුක 20, තරිඳු රත්නායක 13, ලක්ෂාන් සඳකැන් 14/2, දසුන් ශානක 20/2)

ශ්‍රී ලංකා ක්‍රිකට් හරිත - ඕවර 15.5 කදී සියලු දෙනා දැවී 85 යි
(පැතුම් නිස්සංක 15, නිරෝෂන් දික්වැල්ල 27, දිනේෂ් චන්දිමාල් 24, මුදිත ලක්ෂාන් 17/3, අශාන් ප්‍රියන්ජන් 11/2, පුලින තරංග 12/3)


අදහස් (0)

අළු කණ්ඩායම අවසන් තරගය පෙනෙන දුරින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.