Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරගාවලියේ තෙවැනි වටයේ තරග අද (20 වැනිදා) ආරම්භ විය. පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තීරණාත්මක තරගයක් වන එන්.සී.සී සහ සී.සී.සී කණ්ඩායම් අතර තරගයේ පළමු දිනය අවසන් වනවිට වැඩි ගෞරව හිමිකර ගැනීමට එන්.සී.සී පිල සමත්විය.
සී.සී.සී පිලට (ප්‍රසාද ලකුණු 78.45) මෙම තරගය ජය ගැනීමට හැකිවුව හොත් තවත් තරගයක් තිබියදීම ශූරතාවය හිමිකර ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ. නමුත් එන්.සී.සී පිල (ප්‍රසාද ලකුණු 61.20) මෙම තරගය ජය ගතහොත් සී.සී.සී පිල ප්‍රසාද ලකුණු සටහනේ ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව ආසන්නයට පැමීණීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇත.
ළහිරු උදාරගේ ශතකයත් (111), මහේල උඩවත්ත (77) සහ චතුරංග ද සිල්වා (නොදැවී 88) ලබාගත් අර්ධ ශතක හමුවේ පළමු දිනය අවසන් වනවිට එන්.සී.සී පිල කඩුලු 5 ක් දැවී ලකුණු 341 ක් ලබාගනිමින් ඉතා ප්‍රබල ස්ථානයක පසුවිය.
පන්දු 165 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ළහිරු උදාරගේ ඉනිමට හතරේ පහර 16 ක් ඇතුළත් විය. පන්දු 150 කට මුහුණදුන් මහේල උඩවත්ත හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 77 ක් ලබාගත් අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටින චතුරංග ද සිල්වා පන්දු 124 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 88 ක් ලබා සිටින්නේය.
තවත් තරග 3 ක් කටුනායක මේරියන්ස්, සී.සී.සී සහ එස්.එස්.සී ක්‍රීඩාංගණ වලදී අද ආරම්භවූ අතර එහිදී බී.ආර්.සී පිලේ ශානුක දුලාජ් (94) සහ රාගම පිලේ සමින්ද ප්‍රනාන්දු (92) ඉතා අවාසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනී දැවී ගිය ක්‍රීඩකයෝ වූහ.
හලාවත මේරියන්ස් පිලේ අසිත ප්‍රනාන්දු කෝල්ට්ස් පිලට එරෙහි කඩුලු 5 ක් දවාගනිමින් අද දිනයේදී පන්දුවෙන් දස්කම් දැක්වීය.
එන්.සී.සී සහ සී.සී.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 341
(ළහිරු උදාර 111, මහේල උඩවත්ත 77, චතුරංග ද සිල්වා නොදැවී 88, සහන් ආරච්චිගේ නොදැවී 35, ළහිරු ගමගේ 35/2)
බී.ආර්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 319
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, දේශාන් ඩයස් 39, භානුක රාජපක්ෂ 33, දිල්ෂාන් ද සොයිසා 26, ශානුක දුලාජ් 94, රමින්ද විජේසූරිය නොදැවී 64, සචින්ත පිරීස් 83/2)
යුදහමුදා සහ රාගම කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 294
(සමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් ප්‍රනාන්දු 56, ජනිත් ලියනගේ නොදැවී 20)
කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 302
(සංතුෂ් ගුණතිලක 74, සංගීත් කුරේ 38, ඩිල්රුවන් පෙරේරා 58, අකිල ධනංජය නොදැවී 51, අසිත ප්‍රනාන්දු 87/5, ශෙහාන් ජයසූරිය 54/2, තික්‍ෂිල ද සිල්වා 65/2)
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කිසිවකු නොදැවී 53
(ලසිත් කෘස්පුල්ලේ නොදැවී 38)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.