Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic මුවර්ස් ක්‍රීඩකයෝ බ්ලූම්ෆීල්ඩ් පරදවති

මුවර්ස් ක්‍රීඩකයෝ බ්ලූම්ෆීල්ඩ් පරදවති

editorial - 2025 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (27 වැනිදා) කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් හඹාගිය බ්ලූම්ෆීල්ඩ්  ක්‍රීඩකයන්ට ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 197 ක් පමණි. දක්ෂ පිතිහරඹයක නිරත වූ නිපුන් කරුණානායක පන්දු 112 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 84 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

දක්ෂ පන්දු යැවීමක නිතර වූ මල්ෂ තරුපති ඕවර 8.3 ක් යවමින් ලකුණු 23 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් හිවින් කෙනුල ලකුණු 23 කඩුලු 2 ක් බිඳහෙළීය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මුවර්ස් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 251 ක් ලබාගත් අතර එහිදී මුවර්ස් ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 72 කින් ලකුණු 49 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි. හිවින් කෙනුල පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කළේය. 


මුවර්ස් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 251  
(රවිෂාන් ද සිල්වා 28, රමේෂ් මෙන්ඩිස් 49, ෂෙහාන් ප්‍රනාන්දු 31, විෂාර ප්‍රනාන්දු 24, මල්ෂ තරුපති 25, හිවින් කෙනුල නොදැවී 35, ශිරාන් ප්‍රනාන්දු 24, තරිඳු ගුරුගේ 44/3, ළහිරු මධුෂංක 28/2, ආදිත්‍ය රණවීර 50/2) 

බ්ලූම්ෆීල්ඩ් පිල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 197 
(තරිඳු හර්ෂණ 24, මිනෙත් ප්‍රේමරත්න 32, නිපුන් කරුණානායක 84, ළහිරු මධුෂංක 17, තරිඳු ගුරුගේ 14, මල්ෂ තරුපති 23/4, හිවින් කෙනුල 23/2) 


අදහස් (0)

මුවර්ස් ක්‍රීඩකයෝ බ්ලූම්ෆීල්ඩ් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.