Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම එක්දින (ඕවර 50) සීමිත ඕවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, කෝල්ට්ස්, සී.සී.සී. සහ ද්‍රවිඩ සංගමය සුදුසුකම් ලබා සිටිති.
කාණ්ඩ දෙකකින් පැවැති තරගාවලියේ මූලික වටය අවසන් වීමෙන් පසුව ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනි සහ දෙවැනි ස්ථාන හිමිකරගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ සමත් වූහ. ‘බී’ කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගැනීමට සී.සී.සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සමත් වූහ.
පළමු අවසන් පූර්ව තරගය මේ මස 25 වැනිදා ශ්‍රී ලංකා පොලිසිය සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කොළඹ සී.සී.සී. පිටියේදී පැවැත්වෙයි. දෙවැනි අවසන් පූර්ව තරගය මේ මස 27 වැනිදා සී.සී.සී. සහ ද්‍රවිඩ සංගමය අතර කොළඹ සී.සී.සී. පිටියේදී පැවැත්වේ.
කොළඹ නගරයේ පිහිටි දිවා/රාත්‍රී තරග පැවැත්විය හැකි දෙවැනි ක්‍රීඩාංගණය සී.සී.සී. ක්‍රීඩාංගණය වන බැවින් අවසන් පූර්ව තරග දෙකම දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙයි.
අවසන් මහ තරගයද මේ මස 30 වැනිදා කොළඹ සී.සී.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.