Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 24 ක් නිමාවට පත්වෙද්දී ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජයද, ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයද සමත්ව සිටියි.
මේ දක්වා සහභාගි වූ තරග 4 ම ජයගෙන ලකුණු 8 ක් ලබා සිටින පොලිස් ක්‍රීඩා සමාජය මේ වන විට 2.321 ක ශූද්ධ වේගයක් රඳවාගෙන සිටින අතර කෝල්ට්ස් ක්‍රීඩා සමාජය මෙතෙක් සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගෙන ලකුණු 6 ක් ලබා ඇත්තේ 1.076 ක ශූද්ධ ලකුණු වේගයක් රඳවාගනිමිනි.
ද්‍රවිඩ සංගම්, හලාවත මේරියන්ස් සහ එන්.සී.සී. යන ක්‍රීඩා සමාජ එක් තරග 2 බැගින් ජයගෙන ලකුණු 4 බැගින් ලබා සිටින නමුත් රඳවාගෙන සිටින ශුද්ධ ලකුණු වේගය අනුව ද්‍රවිඩ සංගම් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයටත්, මේරියන්ස් කණ්ඩායම තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස් යන ක්‍රීඩා සමාජද තරග 3 බැගින් ජයගෙන ලකුණු 6 බැගින් ලබා සිටියි. කෙසේ වුවත් පවත්වාගෙන ඇති ශූද්ධ ලකුණු වේගයට අනුව බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන්ද, මුවර්ස් කණ්ඩායමට එහි තෙවැනි ස්ථානයෙන්ද සෑහීමකට පත්වීමට සිදුව තිබේ.
මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සංගීත් කුරේ සමත්ව ඇති අතර මේ වන විට තරග 4 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 320 කි. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ විජයකාන්ත් වියස්කාන්ත් තරග 4 කදී කඩුලු 11 ක් බිඳහෙළමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.