
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (28 වැනිදා) පැවැති තරග 10 දී කැපී පෙණුන දස්කම් දැක්වීමට දඟ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දඟ පන්දු යවන්නෝ 8 දෙනෙක් කඩුලු 5 කට වැඩියෙන්ද, තවත් දඟ පන්දු යවන්නෝ 6 දෙනෙක් කඩුලු 4 කට වැඩියෙන්ද දවාගනිමින් ප්‍රතිවාදී කණ්ඩායම්වල පිතිකරුවන් අසරණ කළහ.
දිනයේ හොඳම පන්දු යැවීමට හිමිකම් කී ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක වනුජ සහන් බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් වුවද, එම තරගයෙන් බදුරලිය කණ්ඩායම ලකුණු 81 ක පහසු ජයක් ලැබීය. බදුරලිය කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අයන සිරිවර්ධන ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පැදුවේය.
අද පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට හලාවත මේරියන්ස්, කෝල්ට්ස්, එන්.සී.සී., බී.ආර්.සී., මීගමුව, බ්ලූම්ෆීල්ඞ් සහ පොලිස් යන ක්‍රීඩා සමාජ සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් පානදුර, ගුවන් හමුදා, යුද හමුදා, මහනුවර රේගු, සී.සී.සී., ඒස් කැපිටල්, එස්.එස්.සී. සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ පරාජයට පත් විය. මේ අතර ගාල්ල ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් විය.
එහිදී ගුවන් හමුදා පිලේ මධුෂංක ප්‍රේමරත්න (30/5), කෝල්ට්ස් පිලේ අකිල ධනංජය (46/5), එන්.සී.සී. පිලේ ලසිත් ඇඹුල්දෙණිය (43/5), යුද හමුදා පිලේ සීක්කුගේ ප්‍රසන්න (47/5), බී.ආර්.සී. පිලේ මර්වින් අභිනාෂ් (27/5) සහ ඒස්.එස්.සී. පිලේ ප්‍රභාත් ජයසූරිය (21/5) කඩුලු 5 බැගින් දවාගත් අතර පානදුර පිලේ නිමේෂ් විමුක්ති (61/4), හලාවත මේරියන්ස් පිලේ ඉරුෂ්ක තිමිර (37/4), බදුරලිය පිලේ අලංකාර අසංක (36/4), ඒස්.එස්.සී. පිලේ චරිත් අසලංක (35/4), මීගමුව පිලේ ජටින් සක්සේනා (20/4) සහ නිෂාන් පීරිස් (27/4) කඩුලු 4 බැගින් බිඳහෙළුෑහ.
අද දිනයේදී වාර්තා වූ එකම ශතකයට හිමිකම් කීමට හලාවත මේරියන්ස් පිලේ විශ්ව චතුරංග (112) සමත් වූ අතර පන්දු 93 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය. එහිදී මේරියන්ස් පිලේ චමෝද් සඳරු (52), එන්.සී.සී. පිලේ පැතුම් නිස්සංක (73), බී.ආර්.සී. පිලේ භානුක රාජපක්ෂ (නොදැවී 51), මීගමුව පිලේ හිමාෂ ලියනගේ (54) සහ බදුරලිය පිලේ අලංකාර අසංක (56) අර්ධ ශතක ලබාගත්හ.
පානදුර ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් පිලට ලකුණු 144 ක ජයක්
හලාවත මේරියන්ස් පිල ඕවර 45.5 කදී - සියලු දෙනා දැවී 281
(විශ්ව චතුරංග 112, රමේෂ් නිමන්ත 32, චමෝද් සඳරු 52, තික්ෂිල ද සිල්වා 40, නිමේෂ් විමුක්ති 61/4, සිනෙත් ජයවර්ධන 48/2)
පානදුර පිල ඕවර 27.1 කදී - සියලු දෙනා දැවී 137
(විෂේන් හැලඹගේ 47, නිමන්ත පීරිස් 26, නිමේෂ් විමුක්ති 27, තික්ෂිල ද සිල්වා 28/4, ඉරුෂ්ක තිමිර 37/4)
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පිලට ලකුණු 79 ක ජයක්
කෝල්ට්ස් පිල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 197
(සංගීත් කුරේ 28, ෂෙරාන් ෆොන්සේකා 33, හෂාන් දුමිඳු 23, දුනිත් වෙල්ලාලගේ 21, ධනංජය ලක්ෂාන් 18, ජෙහාන් ඩැනියෙල් 16, මුදිත ලක්ෂාන් 18, මධුෂංක ප්‍රේමරත්න 30/5, ලසඳ රුක්මාල් 39/2)
ගුවන් හමුදා පිල - ඕවර 28 කදී සියල් දෙනා දැවී 118
(චාමර ප්‍රනාන්දු 42, මොවිස් සුබසිංහ 21, අකිල ධනංජය 46/5, දුනිත් වෙල්ලාලගේ 37/3, විෂ්ක අංජුල 13/2)
කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. පිලට කඩුලු 4 ක ජයක්
යුද හමුදා පිල ඕවර 35.2 කදී - සියලු දෙනා දැවී 163
(දිනේෂ් චන්දිමාල් 21, ලක්ෂාන් එදිරිසිංහ 18, අසේල ගුණරත්න 48, තිසර පෙරේරා 29, පැතුම් කුමාර 17, ලසිත් ඇඹුල්දෙණිය 43/5, දුෂ්මන්ත චමීර 15/2)
එන්.සී.සී. පිල ඕවර 25.1 කදී - කඩුලු 6 ක් දැවී 166
(නිරෝෂන් දික්වැල්ල 26, පැතුම් නිස්සංක 73, කමිල් මිෂාර 18, සහන් ආරච්චිගේ නොදැවී 30, සීක්කුගේ ප්‍රසන්න 47/5)
කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. පිලට කඩුලු 2 ක ජයක්
මහනුවර රේගු පිල ඕවර 29.5 කදී - සියලු දෙනා දැවී 140
(මලිඳු මදුරංග 42, ඉමාල් ලියනගේ 15, දේෂාන් ඩයස් 25, තෙවිඳු දික්වැල්ල 22, ඉමේෂ් උදයංග 24, මර්වින් අභිනාෂ් 27/5, දුෂාන් හේමන්ත 28/3)
බී.ආර්.සී. පිල ඕවර 33.3 කදී - කඩුලු 8 ක් දැවී 141
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 18, දුලාෂ් උදයංග 19, දුෂාන් හේමන්ත 15, භානුක රාජපක්ෂ නොදැවී 51, චමීර දිසානායක නොදැවී 16, මිතුන් ජයවික්‍රම 48/3, ඉමේෂ් උදයංග 25/2)
කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී
මීගමුව පිලට කඩුලු 3 ක ජයක්
සී.සී.සී. පිල ඕවර 38 කදී - සියලු දෙනා දැවී 162
(මිනෝද් භානුක 42, ලසිත් කෲස්පුල්ලේ 18, පවන් රත්නායක 16, කමිඳු මෙන්ඩිස් 18, චතුරංග ද සිල්වා 34, ලක්ෂාන් සඳකැන් 15, ජටින් සක්සේනා 20/4, නිෂාන් පීරිස් 27/4)
මීගමුව පිල ඕවර 46 කදී - කඩුලු 7 ක් දැවී 165
(උමේෂ් ලක්ෂාන් 44, හිමාෂ ලියනගේ 54, නිෂාන් පීරිස් නොදැවී 15, අසිත ප්‍රනාන්දු 28/4, චතුරංග ද සිල්වා 31/2)
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
බදුරලිය පිලට ලකුණු 81 ක ජයක්
බදුරලිය පිල ඕවර 47 කදී - කඩුලු 9 ක් දැවී 194
(අයන සිරිවර්ධන 22, අලංකාර අසංක 56, අනුක් ප්‍රනාන්දු 48, වනුජ සහන් 33/6)
ඒස් කැපිටල් පිල ඕවර 28.2 කදී - සියලු දෙනා දැවී 113
(කවිඳු ආමන්ත 45, වනුජ සහන් 33, අයන සිරිවර්ධන 18/5, අලංකාර අසංක 36/4)
කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඞ් පිලට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19 ක ජයක්
බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 41.1 කදී - සියලු දෙනා දැවී 168
(නිපුන් කරුණානායක 20, මිනෙත් ප්‍රේමරත්න 48, මිනෙල්කර් ද සිල්වා 46, ළහිරු මධුෂංක 27, ප්‍රභාත් ජයසූරිය 21/5, චරිත් අසලංක 35/4)
ඒස්.එස්.සී. පිල ඕවර 35.5 කදී - කඩුලු 8 ක් දැවී 132
(අවිෂ්ක ප්‍රනාන්දු 30, නිසල තාරක නොදැවී 36, කවිඳු නදීෂාන් නොදැවී 17, සහන් නානායක්කාර 26/3, සඳුන් වීරක්කොඩි 27/3, ජෙෆ්රි වැන්ඩසේ 39/2)
කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී
පොලිස් පිලට කඩුලු 2 ක ජයක්
ද්‍රවිඩ සංගම් පිල - ඕවර 43.2 කදී සියල් දෙනා දැවී 111
(රොන් චන්ද්‍රගුප්ත 16, සදීර සමරවික්‍රම 17, දසිස් මංචනායක 19, චතුරංග කුමාර 19/3, නලින් ප්‍රියදර්ශන 34/3, දිලීප ජයලත් 18/2)
පොලිස් පිල - ඕවර 30 කදී කඩුලු 8 ක් දැවී 113
(චතුරංග ජයතිලක 20, චාමර සිල්වා 19, සුපුන් මධුෂංක 16, රවිඳු ප්‍රනාන්දු 18/3, දිලුම් සුදීර 49/3)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ගාල්ල - මුවර්ස් තරගය විසඳුමකින් තොරයි
ගාල්ල පිල ඕවර 45 කදී - කඩුලු 9 ක් දැවී 182
(බුද්ධික හසරංග 36, පසිඳු මධුෂාන් 17, ඉන්ෂක සිරිවර්ධන 38, චානක දේවින්ද නොදැවී 27, තිලාන් ප්‍රෂාන් 29/3, රමේෂ් මෙන්ඩිස් 38/3)
මුවර්ස් පිල ඕවර 11.2 කදී - කඩුලු 2 ක් දැවී 60
(දුනික දිල්ෂාන් 19, ඔමේෂ් මෙන්ඩිස් 19, චානක දේවින්ද 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.