Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic තරංග - මදුශංක වෙස්ටන් වොරියර්ස්ට ජය ගෙනෙති

තරංග - මදුශංක වෙස්ටන් වොරියර්ස්ට ජය ගෙනෙති

editorial - 2021 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

උපුල් තරංගගේ (100) විශිෂ්ඨ පිතිහරඹයත්, මල්ක මදුශංකගේ (18/4) දක්ෂ පන්දු යැවීමත් හමුවේ දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති යුද හමුදා ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ඊස්ටන් වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 57 ක ජයක් හිමිකර ගැනීමට වෙස්ටන් වොරියර්ස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් වෙස්ටන් වොරියර්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 177 ක් රැස්කිරීමට සමත්විය.

විශිෂ්ඨ පිතිහරඹයක නිරතවූ උපුල් තරංග පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 100 ක් ලබාගනිමින් වෙස්ටන් වොරියර්ස් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය.

තෙවැනි කඩුල්ල සඳහා ගිහාන් කෝරලගේ (33) සමගින් එක්ව පන්දු 74 කදී ලකුණු 101 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද උපුල් තරංග සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය ඊස්ටන් වොරියර්ස් පිලට ඕවර 19.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 120 ක් පමණි.

හිමාෂ ලියනගේ පන්දු 25 කදී හයේ සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 34 ක් සහ අසේල ගුණරත්න පන්දු 37 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 32 ක් ලබාගත්තද ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මල්ක මදුශංක සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය. ගිහාන් කෝරලගේ සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් වෙස්ටන් වොරියර්ස් පිලේ ජයග්‍රහණයට දායක වූහ.


වෙස්ටන් වොරියර්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 177
(උපුල් තරංග 100, ගිහාන් කෝරලගේ 33, රජින්ද්‍ර පුංචිහේවා 20/2)

ඊස්ටන් වොරියර්ස් - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 120
(අසේල ගුණරත්න 32, හිමාෂ ලියනගේ 34, සමිත් මනුෂ්ක 22, මල්ක මදුශංක 18/4, ගිහාන් කෝරලගේ 10/2, තිසර පෙරේරා 11/2)

 


අදහස් (0)

තරංග - මදුශංක වෙස්ටන් වොරියර්ස්ට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.