Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් තරගයේ අවසන් දිනය වන හෙට (28 වැනිදා) දිවා ආහාරයට පෙර තවත් කඩුලූ 3 ක් වත් දවාගත හැකිවුවහොත් මෙම තරගය ජයගැනීම සඳහා ශී‍්‍ර ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇතැයි කුමාර් සංගක්කාර පවසයි.
ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී අගනා ලකුණු 72 ක් ලබාගනිමින් නායක ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක් එක් කිරීමට සම්මාදම් වූ සංගක්කාර අද (27 වැනිදා) සවස තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී එසේ පැවසීය.
මෙම තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 369 ක ඉලක්කය කරා යාම පසෙක තබා දකුණු අපි‍්‍රකානුවෝ පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටිති.
වර්ෂාවෙන් සහ මන්දාලෝකයෙන් තරගයට බාධා වීම නිසා අද දිනයේ යැවිය හැකිව තිබූ ඕවර කිහිපය යැවීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට ලැබුණේ නම් අද සවස් යාමයේදී මීට වඩා වාසිදායක තත්ත්වයක් අත්කරගත හැකිව තිබුණු බවද සංගක්කාර පැවසීය. වර්ෂාවෙන් සහ මන්දාලෝකයෙන් තරගයට බාධා වීම නිසා අද දිනයේ යැවිය යුතුව තිබූ ඕවර 21 ක් යැවිය නොහැකි විය.
”මා හිතන්නේ මේ තණතීරුව වමත් පිතිකරුවන්ට ඉතාමත් අසීරු එකක් වේවි. රංගන හේරත් පන්දු යවන ආකාරය අනුව, ඩිල්රුවන් පෙරේරාත් අනෙක් පැත්තෙන් ගෙනාවොත් ඔවුන් පීඩනයට පත්කරන එක ඒ තරම් දෙයක් නෙමේ”
”කොහොම වුණත් දෙවැනි ඉනිමේදී අජන්ත මෙන්ඩිස්ගෙන් වැඩි දෙයක් අපි බලාපොරොත්තු වෙනවා” යයිද සංගක්කාර පැවසීය.
සංගක්කාර පවසන ආකාරයට එස්. එස්. සී. තණතීරුව වෙනදා තිබුණාට වඩා වෙනස් තත්ත්වයක තිබේ. එයට හේතුව ලෙස ඔහු දක්වන්නේ එය නැවත සකස් කිරීමයි. එවන් තත්ත්වයක් මෙම තරගයේදී ශී‍්‍ර ලංකා පිලේ වාසිය සඳහා යොදාගත හැකි වේයයි ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු කඩුලූ රකින්නා අදහස් කරයි.
”කාලගුණය සම්බන්ධයෙන් අපට කරන්න පුළුවන් දෙයක් නෑ. මේ තරගයේ දින තුනක් හොඳ කාලගුණයක් තිබිලා අද තරමක් අයහපත් වුණා.....මා හිතනවා හෙට අපට හොඳ කාලගුණයක් ලැබේවි කියලා” යයි පැවසූ සංගක්කාර දකුණු අපි‍්‍රකානුවන්ගේ මන්දෝත්සාහී තරග රටාව තමන්ට වාසියක් බවද කියයි.
”පළමු ඉනිමේදී වුණත් ඔවුන් කළේ ලකුණු ලබාගන්නා එක නෙමේ. කාලය කා දැමීමයි. ඒ තත්ත්වය නිසා අපට පුළුවන් වුණා පිතිකරුවා ආසන්නයේ පන්දු රකින්නන් රඳවමින් ඔවුන් පීඩනයට පත්කරන්න”
”ඔවුන් ආරක්‍ෂාකාරී පහර ගහන කොට ඒ ගහන පහරත් හරියට ගැහෙන්නේ නෑ. ඒ වගේ තත්ත්වයකදී පන්දුවක් දෙකක් අත් ආවරණයේ නැතිනම් පිත්තේ සහ පා ආවරණයේ වැදිලා අපේ පන්දු රකින්නන් අතට පනින්න පුළුවන්.....ඒ නිසා පන්දු රකින්නන් පිතිකරුවන් වටේ රඳවමින් පන්දු යවන්න අපි කැමතියි” යයිද සංගක්කාර පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.