කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රාමාණික ප‍්‍රවීණයන් මෙන්ම කලකට ඉහතදී ලෝ සුපතළ තාරකාවන් වූ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සෝ සුසුම් මැදින්, ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරු පිලිප් හියුස් සිය අවසන් ගමන ගියේය.
පිලිප් උපන් ගම් ප‍්‍රදේශය වූ මැක්ස්විල්හිදී, පියාණන් වූ ග්‍රෙග් හියුස්, සහෝදරයා වූ ජෝන් හියුස් මෙන්ම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් සහ කණ්ඩායම් සගයා වූ ඒරන් ෆින්ච්ද අවසන් ගමනේදී පිලිප්ව කරමත තබාගෙන ගියහ.
පිලිප් සිය උසස් අධ්‍යාපනය ලැබූ මැක්ස්විල්හි උසස් පසලේ කී‍්‍රඩාගාරයේදී පිලිප්ගේ අවසන් දේව මෙහෙය පැවැත්විණ. ඒ සඳහා ලෝකයේ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයන් වූ බ‍්‍රයන් ලාරා, ශී‍්‍රමත් රිචඞ් හැඞ්ලි, ෂේන් වෝන් මෙන්ම මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මහත් කම්පාවට පත් ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයෝද සහභාගි වී සිටියහ. මාරක පන්දුව යැවූ ෂෝන් ඇබට්ද එහි සිටියේ වදනින් කිව නොහැකි දහසක් දේ ඉරියව් වලින් ප‍්‍රකාශ කරමිනි.
”යන්තම් 25 වැනි වියේදී කී‍්‍රඩාවෙන් මෙන්ම ඔහුගේ පවුලේ සහ වෙනත් ආදරණීය හිතවතුන්ගෙන් උදුරාගත් මෙම අවාසනාවන්ත සිදුවීම නිසා අපේ කී‍්‍රඩාවේ ඇතිකළ පැල්ලම කිසිම අලංකාරයක් ඇති එකක් නෙමෙයි”
”ඔබලා ගැන නම් මා හරියටම කියන්න දන්නේ නෑ. ඒත් මා නම් නිතරම ඔහුව සොයාවි” යයි හියුස් වෙනුවෙන් අවසන් දේව මෙහෙය පැවැති අවස්ථාවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පැවසීය.
සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පන්දුව හිසේ වදින අවස්ථාවේදී දකුණු ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් නොදැවී ලකුණු 63 ක් ලබා සිටි පිලිප් හියුස් ඉන්දීය පිලට එරෙහිව තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී නැවතත් ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වීමට සූදානමින් සිටියේය. හියුස් මියයාමට පෙර ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 කට සහභාගි වී තිබිණ.
පසුගිය බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ තමන් සිඞ්නි කී‍්‍රඩාංගණයේ තණතීරුවට ගිය බවත් ඒ වෙලාවේදී පිලිප් තමන් සමග සිටි බව තමන්ට දැනුණු බවත් ඕස්ටේ‍්‍රලියානු නායකයා පැවසීය.
”මගේ පා යට තිබුණු තණපත් අග ඔහු සිටියා. ඔහුත් මාත්, ඔහු සමග සම්බන්ධ ව කී‍්‍රඩා කළ, අවදානමට මුහුණ දෙමින් අපේ සිහින හඹාගිය තවත් සහෘදයනුත් හිටියා”
”මා මඳක් පහත් වී ඒ තණතීරුවේ තණපත් අතගා බැලූවා. මා දිවුරන්නම්....ඔහු මා සමග එතැන හිටියා....තණතීරුව හාරා ඔහු සොයාගෙන තේ පානය සඳහා යා යුතු යයි කියනවා වගේ දැනුණා” යයි මයිකල් ක්ලාක් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.