Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සුරංගට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

සුරංගට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නා ලෙස සැළකෙන සුරංග ලක්මාල් ආබාධයකට ලක්වීම නිසා පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (06) ආරම්භ වන ටෙස්ට් තරගාවලිය අහිමි වන තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. සුරංගගේ වම් පාදයේ වළලූකර ප‍්‍රදේශය ඉදිමී ඇති බැවින් ඔහුට පන්දු යැවිය නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

සුරංග පසුගිය එංගලන්ත සංචාරයේදී ආබාධයකට ලක්වීම නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර අනතුරුව පසුගියදා අවසන් වූ දකුණු අප‍්‍රිකානු සංචාරයේදී කණ්ඩායමට එකතු විය.

දකුණතින් වේග පන්දු යවන 27 හැවිරිදි සුරංග ටෙස්ට් තරග 21 කදී කඩුලූ 43 ක් දවාගෙන තිබේ.

සුරංගගේ ස්ථානයට වෙනත් ස්ථිර ක‍්‍රීඩකයකු ආදේශ නොකරණ අතර ටෙස්ට් තරගයේ දින පහේදී ක‍්‍රීඩකයා බැගින් සංචිතයට ආදේශ කරන බව තේරීම් කමිටු නිලධාරීයෙක් පැවසීය.

‘‘තරගය මෙහේ පැවැත්වෙන නිසා අපි නවක ක‍්‍රීඩකයන්ට අවස්ථාව දීමට තීරණය කළා. එවිට එම ක‍්‍රීඩකයන්ට පුහුණුවීම්වලට සහභාගි වෙන්න පුළුවන්, මෙහිදී අපි දින පහේදී ෂෙහාන් ජයසූරිය, කසුන් මධුසංඛ ආදි තරුණයන්ට අවස්ථාව දෙනවා’’ යැයි තේරීම් කමිටු සාමාජිකයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

සුරංගට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.